Asaliya's pov .
" අසලියා ....... "
*
*
*
*
හිරු තනිකඩයි කියලා මන් අශේන් අයියට කිව්වම හිරු කෑගහගෙන ඇවිත් මගේ ඇගට පනින්න හදද්දි මන් සරණ පතා දිව්වේ ආදි ගාවට....... මන් හිතුවා වගේම ආදි ගාවට හිරු ආවෙ නෑ .... අශේන් අයියා ගාව නතර උනා.......
" එහෙම දෙයක් අපි දෙන්නා අතරේ නෑ මෝඩියේ ....... "
That's the point ........
" දැන් මන් කිව්වද ඔය දෙන්නා අතරේ මොනවා හරි තියෙනවා කියලා ...... "
ආදි ඉදන් හිටිය පුටුව පිටිපස්සට වෙලා ඉදන් මන් ඇහුවා ..... හයියෝ මේ මෝඩ හිරු .... මේදා එහා පැත්තේ ඉදන් කට අතින් වහගෙන හිනා වෙනවා...... අශේන් අයියත් මන් එහෙම ඇහුවාම රතු වෙලා ගියා....... ටික වෙලාවකට පස්සෙයි හිරුට තෙරුනෙ එයා මොකක්ද කිව්වේ කියලා......... මන් දිහා ඇස් ලොකු කරලා බලලා කෑගහගෙන කාමරෙට දිව්වා........ අයියෝ සාමි.......
ආදි නම් ඔය හැමදේම දිහා උපෙක්ශාවෙන් බලාගෙන ඉන්නවා ...... කාටවත් කරදරයක් නෑ......... හඤේ ඉතින් උද්දාච්ච මහමුදියන්සේ....... ඉශ්කා තේ ගේනකන් මාත් ආදිගේ කොන්ඩෙන් ඇද ඇද මේදගෙයි අශේන් අයියගෙයි කතා වලට හූමිටි තිබ්බා... මන් කොච්චර හයියෙන් කොන්ඩෙ ඇද්දත් ආදි නෙමෙ එයාගෙ ඉරියව්ව වෙනස් කරේ...... මේ මිනිහට ස්නායු කියලා දෙයක් නෑ මන් හිතන්නේ........ පිටසක්වල ජිවියෙක්ද මන්දා ඒයිලා............
ඉශ්කා තේ ගෙනල්ලා ටීපො එක උඩින් තිබ්බම අශේන් අයියා නම් එයාට තැන්ක්ස් කරලා තේ එකක් අතට ගත්තා...... එතකොට ආදි.......
කකුලක් පිට කකුලක් දාගෙන අතුත් බැදගෙන ඔහේ ඉන්නවා ..... යකෝ මූ තේ එක ගන්නේ නැද්ද ...... මන් ආදිගේ උරහිසට ඇන්නම ආදි මන් දිහා ඇස් කොනෙන් බැලුවා....." තේ එක ගන්න....... "
මන් කියපු දේ නෑහුනා වගේ phone එක අරන් ඒක scroll කරනවා ඒ පාර ..... යකෝ මේකට මොන පිස්සුවක් හැදෙනවද මන්දා ...... ආදි තේ එක ගන්නේ නැති හින්දා මන් ගිහින් තේ එක අරන් ආදිගේ ඉස්සරහට දික් කරා..... ඔන්න ඒ පාර තේ එක දිහා බලලා phone එක පැත්තකින් තියලා තේ එක අතට ගත්තා.... මල විකාර.......
YOU ARE READING
My Love
Non-Fiction"" මන් අසලියා එක්ක එෆෙයා එකක් පටන් ගත්තේ කිසිම දැනහැදුනුම්කමකට නෙවේ.......... ගෙදර අය ගේන්න හදන ප්රපෝසල් වලින් බේරෙන්න........."" "" එයාලගේ ස්ටඩි හවුස් එකේ උඩ තට්ටුවේ උස වීදුරු ජනේලෙකින් ආදි මන් දිහා බලන් හිටියා.......... he is handsome like a gree...