Jk POV
"මැණික.......... මං ආදරෙයිනේ ගොඩක්"
ඇත්තටම ඒ මටද කිව්වේ.. ඒ වචන වල ආදරේ ගොඩක් දැනෙනවා.. ඒත් ඔයා කවුද ?
.
.
.
.
.
.
.
.
.
අදත් වෙනදා වගේම ඒ හීනෙම දැක්කා. ඒත් කවුද ඒ. තේරුමක් නැතුව මට ඇයි හැමදාම එකම හීනේ පේන්නේ. මට හැමදාම ඒ ඇස් දෙකයි ඒ හිනාවයි ඒ කටහඩයි විතරයි පේන්නේ ඇහෙන්නේ.ඔෆිස් යන්න ඕන නිසා වොශ් රූම් එකට ගිහින් වොශ් එකකුත් දාගෙන මම පහලට එන්න ආවා
"ම්ම්ම්....සුවද......."
පහලට එනකොට පඩිපෙල උඩදිම දැනුන කෑමවල සුවදට මගේ කටට කෙලත් ආවා. පහලට එනකොට තිබ්බේ පොඩි බඩගින්නක් හැබැයි කෑම සුවද නිසා දැන්නම් හදලා තියෙන ඔක්කොම කාලා දාන්න පුළුවන් තරම් බඩගින්නක් ආවා.
"හියුන්...... අද ඇයි මේ විශේෂත්වයක්"
කිචන් එකට එනගමන් මම හියුන්ගෙ එහෙම ඇහුවේ මෙච්චර කෑම කවදාවත් උදේට හදන්නේ නැති නිසා.
"අද ගෙදර එන විශේෂ කෙනෙක්ට හදන්නේ කුකී පැටියෝ"
"විශේෂ කෙනෙක් ?"
ඇහිබැමත් උඩට උස්සගෙන මම ඇහුවේ මෙච්චර කෑම ගොඩක් හදන්න තරම් හියුන්ගේ විශේෂ කෙනා කවුද ක්ක දැනගන්න.
"ම්ම්ම්ම්.... ගොඩක් විශේෂ කෙනෙක්.... මෙන්න ඔයාගේ කෑම එක..."
හියුන් මට පෑන්කේක් එක්ක ප්ලේට් එකක් දික් කරා කන්න කියලා
"ඔයාගේ මල්ලි උන මට පෑන්කෙක්. කොහෙවත් ඉදලා එන කාටවත් එක එක විශේෂ රස කෑම ගොඩක්.... මේක හරිම අසාධාරණයි හියුන්....."
මම මූණත් අඩන්න වගේ කරගෙන හියුන්ටත් ගස්සගෙනම ලිවින් රූම් එකට ආවා. මං එනකොට නම්ජුන් හියුන් කෝෆි බොනවා.
"නම්ජුන් හියුන්"
මං දුක හිතෙන වොයිස් එකෙන් හියුන්ට කතා කරා. මගේ හියුන්ගේ අවනඩුව නම්ජුන් හියුන්ට් හරි කියන්න එපැයි මම. මට වෙනස්කම් කරනකොට මට දුකයිනේ...හුම්ම්ම්ම්ම්....
"මොකද කුකී දුකෙන් වගේ"
"බලන්නකෝ අපේ හියුන් මට පෑන් කේක් විතරක් දීලා අර අද එනවයි කියපු කාටදෝ මන්දා රස කෑම හදනවා. ඒක අසාධාරණයි.........හ්....."
YOU ARE READING
💫❤️🩹 Forgotten Love ❤️🩹💫 ||TK|| (Complete✅)
Fanfictionමං ආදරෙයි මැණික.... මං ගොඩක් ආදරෙයි.... මගේ ආදරේ ඔයාට දැනෙන්නේ නැද්ද මගේ මැණික.... ඔයා දන්නවා මේ ලෝකේ මට වටිනම දේ ඔයා කියලා.... ඒත්..... ඉස්සර මාව ඕනෙමයි කියපු ඔයා අද මං ඔයා ලගට එන්න හැදුවත් ඔයා මාව ඈත් කරනවා.... මට මේක දරාගන්න බෑ මැණික... අනේ ආපහු...