"හියුන්....... කුකී බබා ආවෝ......."
දොර ලග ඉදන්ම හියුන්ට කතා කරගෙන ආවේ ගෙදර ඉන්නේ මොකා උනත් දැනගන්න එපැයි මම ආවා කියලා.
"කුකී මොකද කෑ ගහන්නේ.......අද ඇයි මෙච්චර කලින් ආ...."
"කෝ මගේ ටික"
"මොනවද ලමයෝ"
"ආහ්...... උදේ ඉදන් හදපු ඔක්කොම අර එනවා කියපු එකා කාලා ගියාද"
"කුකී මොකද්ද ඔය කතා කරන විදිහ ආ......"
"ඇයි..... මට නැති සැලකිලිනේ කොහේවත් නැති අයට තියෙන්නේ"
"කුකී මගේ යකා අවුස්සන්න ලෑස්ති වෙන්න එපා...."
මම බැන්නේ ගෙදරට ආපු එක්කෙනාට ඇයි අනේ හියුන්ට තරහ ගිහින් තියෙන්නේ. මමයි එයාගේ මල්ලි. මට ඉතින් දුකයිනේ ඒකනේ මං එහෙම කතා කරේ. මට පෑන්කේක් දීලා රස කෑම වෙන කාටවත් දුන්නනේ උදේ හුම්ම්ම්...
"කුකී අද ආවේ කවුද කියලා දැනගන්න ඕනේද ආ....."
තව මුකුත් කියලා හියුන්ගේ කේන්තිය වැඩි කරන්න ඕන නැති නිසා මම බිම බලාගෙනම හිටියා.
"ඒ ආවේ ජුනීගේ මල්ලි ටේහ්යුන්. කිම් ටේහ්යුන්"
"මො--මොකක්....."
නම්ජුන් හියුන්ට මල්ලි කෙනෙකුත් ඉන්නවද. මම ඇස් දෙක ලොකු කරගෙන හියුන්ගේ දිහා බැලුවා. හියුන් මට කලින් ඒක කියලා නෑනේ. අනික මෙච්චර කාලයක් එයා කොහෙද හිටියේ.
"ඔව් අද ආවේ ජූන්ගේ මල්ලි. ඒ නිසා ඔය විදිහට කතා කරන්න එපා කුකී. එයා කොහේවත් යන කෙනෙක් නෙවෙයි. අනික එයා ඔයාගේ....."
"ජිනී....."
හියුන් කියන්න ගියපු දේ එහෙම්මම නතර කරගත්තේ නම්ජුන් හියුන් කතා කරපු නිසා.
පොඩ්ඩක් ඉන්න පොඩ්ඩක් ඉන්න මොකද්ද හියුන් අර අන්තිමට කියන්න ගියේ. ඈ....... මගේ.....නම්ජුන් හියුන්ගේ මල්ලිගේ මොකද්ද මට තියෙන සම්බන්ධේ ඈ......
"කුකී වොශ් එකක් දාගෙන පහලට එන්න කෑම කන්න"
"හා නම්ජුන් හියුන්"
මම හියුන් කියන්න හදපු එක හිත හිතම රූම් එකට ආවා. මොකද්ද ඔය ටේහ්යුන් කියන කෙනාගේ මට තියෙන සම්බන්ධේ... අනික මම එහෙම කෙනෙක් ගැන අහලත් නෑනේ. එතකොට

YOU ARE READING
💫❤️🩹 Forgotten Love ❤️🩹💫 ||TK|| (Complete✅)
Fanficමං ආදරෙයි මැණික.... මං ගොඩක් ආදරෙයි.... මගේ ආදරේ ඔයාට දැනෙන්නේ නැද්ද මගේ මැණික.... ඔයා දන්නවා මේ ලෝකේ මට වටිනම දේ ඔයා කියලා.... ඒත්..... ඉස්සර මාව ඕනෙමයි කියපු ඔයා අද මං ඔයා ලගට එන්න හැදුවත් ඔයා මාව ඈත් කරනවා.... මට මේක දරාගන්න බෑ මැණික... අනේ ආපහු...