" 10 "

420 48 0
                                    

Jk POV

"හ්ම්ම්ම්ම්"

මම හොද හුස්මක් අරගෙන හිමින් හිමින් ටේගේ ෂර්ට් එක ඇගෙන් අයින් කරා

ඔහ්..... මේක හීනයක්ද දෙවියනේ... මී පැණි පාට හම කිසිම කැලලක් නෑ... පළල් උරහිස්.... හදවතේ රිද්මෙට ගැහෙන පපුව.... පැක් නැති උනත් ඒ ඇග..... collarbone එක... ආහ් ටේ කියන්නේ ඇත්තටම perfect පිරිමියෙක්...

ටේ කියන්නේ දෙවියෝ නිදහසේ මවපු රූපයක් කියලා මට මොහොතකට හිතුනා....

මටත් නොදැනිම මගේ ඇගිලි නතර වෙලා තිබුනේ ටේගේ පපුව උඩ.

ටේව අල්ලද්දි මට මොකද්දෝ මන්දා කියාගන්න නොතේරෙන හුරුවක් දැනුනා.

ආයෙත් පියවි සිහියට ඇවිත් ටේව ඉක්මනට පිරිසිදු කරලා ආපහු ෂර්ට් එක ඇන්දුවා.

ඒත් එක්කම හියුන්ලත් එක්ක ඩොක්ටර් ඇතුලට ආවා. ඩොක්ටර් ටේව චෙක් කරා

"බය වෙන්න දෙයක් නෑ ජින්. එයා හොදින්. මං හිතන්නේ එයා ඊයේ ඕනවට වඩා තෙමිලා තියෙනවා. ඒ නිසයි උණ හැදිලා තියෙන්නේ. කලන්තේ හෑදිලා තියෙන්නේ උණත් එක්ක එයාගේ ඇග දුර්වල නිසා. මං හිතන්නේ ඊයේ කාලා නැතුව ඇති. තව ටිකකින් සිහිය එයි. මේ බෙහෙත් ටික වෙලාවට දෙන්න. ඕක ඉක්මනට අඩුවෙයි"

"තැන්කිව් ඩොක්ටර්"

හියුන්ට කලින් මම ඩොක්ටර්ට තෑන්ක්ස් කරා. ඩොක්ටර් ටේගේ ලගින් නැගිටලා යද්දි මම ආපහු ඇදේ එයාගේ ලගින් වාඩි උනා.

ජූන් හියුන් ඩොක්ටර් එක්ක පහලට ගියා.

"කු.....කුකී........"

"මං ඔයා ලග ඉන්නවා ටේ"

මං හිමින් හිමින් එයාගේ ඔලුව අත ගෑවා. ඒත් මේ වෙන දේවල් මගේ ඔලුවට ප්‍රශ්න වැලක් ගෙනාවා

ටේගේ ගෙදර දොර මගේ fingerprint එකට unlock උනා , දැන් ටේ හීනෙන් මගේ නම කියනවා , එතකොට මට මේ දැනෙන අමුතු හැගීමේ තේරුම..... මේ හැමදේම මට ප්‍රශ්නයක්. ඒත් මේ වෙලාවේ මේ ප්‍රශ්නවලට උත්තර හොයනවට වඩා මට ඕන ටේව ඉක්මනට සනීප වෙනවා දකින්න.

ටිකකින් ටේ හිමින් හිමින් ඇස් ඇරියා. මං හිතන්නේ එයා ඇස් ඇරපු ගමන් දැක්කේ මාව. ඒ ඇස් එක පාරම ගැස්සුනා.

💫❤️‍🩹 Forgotten Love ❤️‍🩹💫 ||TK|| (Complete✅)Where stories live. Discover now