Jk POV
ම්හ් ඇති යන්තම් වැඩ ටික ඉවරයි. දැන් වෙලාව දහයටත් කිට්ටුයි. පුටුවේ තිබුන කෝට් එකත් අරගෙන මම පහලට ආවා ගෙදර යන්න.
"ම්ම්ම් තාම ශොප් එක ඇරලා"
කම්පැණි එක ලග තියෙන ජූස් බාර් එක දිහා බලලා මම කාර් එකට නැග්ගා. ටයි පටියත් බුරුල් කරලා බොත්තම් දෙකකුත් ගලවලා ඔලුව පිටිපස්සට බර කරගෙන ඇස් පියාගත්තා. මහන්සියි ම්ම්ම්ම් ගොඩක් මහන්සියි. දවස තිස්සෙම ෆයිල්ස් එක්ක ඔට්ටු වෙලා මට මහන්සියි.
.
.
.
.
.
.
කෝපි පාට ඇස් දෙකක්. ඒ ඇස් දෙක මොනවද කියනවා. ඒ ඇස් මගෙන් වෙන පැත්තකට එක තත්පරේකටවත් හැරෙන්නේ නෑ. මොකද්ද ඒ ඇස් කියන කතාව. ඇයි මට ඒක කියවගන්න බැරි.....
.
.
.
.
.
"පුංචි මහත්තයා.... "ඇස් දෙක වහගෙන හිටපු මං පීට අන්කල්ගේ කටහඩ නිසා ඇස් ඇරියා.
"ගෙදරට ආවා පුංචි මහත්තයා"
"අ..හ්.. හරි අන්කල්"
පීට් අන්කල් මගේ අප්පාගේ ලග වැඩට ඇවිත් අද වෙනකන් ඉන්නවා. හරිම ආදරණීය මනුස්සයෙක්. හැමවෙලේම ඒ මූණේ තියෙන අහිංසක හිනාව වෙනසක් නැතුව හැමදාම තියෙනවා. තියෙන්න කියලා මාත් ප්‍රාර්ථනා කරනවා
මං කෙලින්ම ආවේ මගේ රූම් එකට. මහන්සිය වැඩිකමට ඉක්මනට නිදාගන්න ඕන උනත් වොශ් එකක් දාගන්නෙ නැතුව නිදාගන්න හිත දෙන්නේ නෑ. මම වොශ් එකක් දාගෙන ඇදුමකුත් ඇදගෙන පහලට ගියා.
"කුකී....... ඔයාගේ කෑම එක ලෑස්තියි"
"හියුන්.......ඔයා නිදි නැද්ද"
"මගේ කුකී පැටියා බඩගින්නේ ඉද්දි කොහොමද දෙයියනේ මම නිදාගන්නේ.මම දන්නවනේ ගෙදර එන්නේ මගේ කෑම එක කන්න බලාගෙන කියලා මගේ පැටියා"
ම්ම්ම් මගේ හියුන්. මම මේ ලෝකේ දැකපු ආදරණීයම මනුස්සයා. එයාගේ හිනාව ඒ ආදරේ මහන්සි වෙලා එන මගේ හිතට ලොකු නිදහසක්. ඔම්මා අප්පා නැති උන දවසේ ඉදන් මගේ ඔම්මා අප්පා වගේ ඉන්නේ මගේ හියුන්.
"කුකී......දැන්ද ආවේ"
"ආහ් ඔව් හියුන්. බඩගිනි වගේ නිසා පොඩ්ඩක් පහලට ආවේ මොනවාහරි හදාගෙන කන්න"
YOU ARE READING
💫❤️🩹 Forgotten Love ❤️🩹💫 ||TK|| (Complete✅)
Hayran Kurguමං ආදරෙයි මැණික.... මං ගොඩක් ආදරෙයි.... මගේ ආදරේ ඔයාට දැනෙන්නේ නැද්ද මගේ මැණික.... ඔයා දන්නවා මේ ලෝකේ මට වටිනම දේ ඔයා කියලා.... ඒත්..... ඉස්සර මාව ඕනෙමයි කියපු ඔයා අද මං ඔයා ලගට එන්න හැදුවත් ඔයා මාව ඈත් කරනවා.... මට මේක දරාගන්න බෑ මැණික... අනේ ආපහු...