Tae POV
මේ ගෙදර මම කැමති තැන මෙතන. ලොකු හුස්මක් අරගෙන වහලා තිබුන කාමරේ දොරත් ඇරගෙන මම ඇතුලට ආවා.
"මගේ මැනික"
මම කාමරේට ඇවිත් ඇද උඩින් වාඩිවෙලා එතන තිබුන ෆොටෝ එක අතට ගත්තා.
මගේ මැණිකත් එක්ක මම අන්තිමට ගත්ත ෆොටෝ එක. හ්ම්ම් මීට මාස හතකට කලින්...මටත් නොදැනිම මගේ ඇස්වල කදුලු. මට අපේ ෆොටෝ එක පෙනුනේ බොද වෙලා. මං ඇස් දෙක තද කරලා වහගත්තම මට පෙනුනේ මගේ මැණිකගේ රූපේ
(8 months ago)
"කුකී.......මැණික..... කොහෙද අනේ ඉන්නේ...."
මං වොශ් එකක් දාගෙන එන ටිකට මගේ බනී බබා අතුරුදහන් වෙලා. මම එයාට කතා කර කර කිචන් එකටා ආවත් ම්හ් මෙතනත් එයා නෑ
"කුකී...... කොහෙද ඉන්නේ මැණික"
"ටේටේ මං මෙහේ....."
"මේ මොකද බබා මේ"
මගේ බනී බබා හරි හරියට කාමරයක් අස් කරනවා.
"කවුරුහරි එනවා කිව්වද බනී"
"නෑ"
"එහෙනම්"
"පොඩි වැඩකට අනේ... ප්‍රශ්න අහන්නේ නැතුව ඇවිත් උදව් කරන්නකෝ මේක අස්කරන්න"
කාමරේ අස් කරන හේතුවක් කොච්චර ඇහුවත් කියන්නේ නැති නිසා ආයේ ඒක ගැන අහන්නේ නැතුව මම කුකීට උදව් කරා.
පැයක් විතර යනකොට කාමරේ අස් කරා. ඇදයි , බෙඩ් සෝෆා එකයි තියෙද්දි අනිත් ඒවා අයින් කරා. තිබුන ඔක්කොම ෆොටෝස් ටිකත් ගලවලා අයින් කරා.
"ඇයි බබා මේ ෆොටෝස් අයින් කරන්නේ"
"වැඩකට අනේ"
YOU ARE READING
💫❤️🩹 Forgotten Love ❤️🩹💫 ||TK|| (Complete✅)
Fanfictionමං ආදරෙයි මැණික.... මං ගොඩක් ආදරෙයි.... මගේ ආදරේ ඔයාට දැනෙන්නේ නැද්ද මගේ මැණික.... ඔයා දන්නවා මේ ලෝකේ මට වටිනම දේ ඔයා කියලා.... ඒත්..... ඉස්සර මාව ඕනෙමයි කියපු ඔයා අද මං ඔයා ලගට එන්න හැදුවත් ඔයා මාව ඈත් කරනවා.... මට මේක දරාගන්න බෑ මැණික... අනේ ආපහු...