Choi Mae-Ha's POV
"චෝයි මේහා ඔබ ගවේෂණය භාර ගන්නවද?"
කයිරොන් එහෙම අහද්දී මං ක්රීඩාගාරය වටේට බැල්මක් හෙළලා ඒරීස්ගේ රතු ඇස් දිහා බැලුවා...හැමෝම මාව ධෛර්යමත් කරන බැල්මක් දුන්නා...
"ඔව්...මං භාරගන්නවා..."
"එහෙනම් හරි..."
ඒරීස් මගේ දිහා බලලා ඉදගෙන හිටපු තැනින් නැගිට්ටා...
"මං හිතනවා යුවාන් හොයාගන්න පුළුවන් වෙයි කියලා..."
ඒරිස් එතනින් යද්දී මං කයිරොන් දිහා බැලුවේ ඊළගට මොකද්ද කියලා අහන්න වගේ...
"ඔයා දැන් ඔරැකල්ගේ අනාවැකිය අහන්න ඕනි..."
කයිරොන් එහෙම කියන ගමන් ජිමින් දිහා බැලුවා...
එකපාරටම ජිමින්ගේ අළු පාට ඇස් කොළපාට වෙන්න ගත්තා...එයා පුටුවේ කෙලින් ඉදගෙන කොල ඇස් දෙකෙන් බලද්දී මට දැණුනේ මාව ගල්වෙලා වගේ...එක පාරටම වහලා තිබ්බ ක්රීඩාගාරය පුරාම කොළ පාට මීදුමක් පැතිරෙන්න ගනිද්දී මගේ කොදු නාරටිය දිගේ හිරියක් පැතිරෙනවා මට දැණුනා...ඒ දුම පොළව වටේ දඟර ගැහිලා පිඹින්න ගත්තේ සර්පයෝ ටිකක් එකතු වෙලා වගේ...
ඒත් එක්කම ජිමින් කොළ පාට ඇස්වලින් මගේ දිහා බලන ගමන් කතා කලා...එයාගේ කටහඩ මට ඇහුණේ ජිමින්ලා තුන්දෙනෙක් කතා කරනවා වගේ...
"ඩෙල්ෆි හී ආත්මයද,
ෆීබස් ඇපලෝගේ අනාගත වක්තෘද,
අති බලැති පොළගාගේ මාරයාද මමයි.
සියුස්ගේ දියණිය, හොඳින් අසාගනු.."
මං කෙළ ගුලියක් ගිලලා ජිමින් නැත්තන් ඔරැකල් දිහා බැලුවා...සමාවෙන්න, මම සියුස්ගේ දරුවෙක් නෙවෙයි කියලා එතනින් පැනලා යන්න හිතුණත් මං බලෙන්ම මාව හික්මවා ගත්තා...
"අර්ධ ලෝහිතයන් සත් දෙනෙකු සමඟින් ,
ඔබට අනන්ත වංකගිරිය තුළින් ගමන් කිරීමට සිදුවේවි.
නුඹ සොයනා තැනැත්තා සොයා ගැනීමට හැකි වුවත්,
සියල්ල සිදු වී හමාර වේවි.
YOU ARE READING
THE TRIAM
Mystery / Thrillerමම Choi Mae-Ha...සියුස්ගේ එකම උපදෙවි දුව... කවදාවත් මං හිතුවේ නෑ...ඔලිම්පස්වලට සම්බන්ධයක් තිබ්බට මං උපදෙවියෙක් කියලා...ඒකත් සියුස්ගේ...හැමෝම මං දිහා බලන්නේ අමුතුවට...ඒක ඔක්කොටම වඩා එපා වෙනවා... ඒ අතරේ තමා මට ගවේෂණයක් සෙට් වෙන්නේ...ඒකත් නැති වෙච්ච පො...