10 : ගවේෂණයක් ?!!..

37 3 0
                                    

Choi Mae-Ha's POV

ඒත් එක්කම හැමෝම මගේ දිහා ඔලුවෙන් උඩ තියෙන මොකක් හරි දිහා  පුදුමෙන් බලන් හිටියා...මමත් ඔලුව උඩට හරවලා බලද්දී අකුණක සලකුණක් දැක්කා...

'එයා මට හිමිකම් කියනවා...'

ඒත් එක්කම කයිරොන් නිවේදනය කරන්න ගත්තා...

"ඔලිම්පස්හි ප්‍රධාන දෙවියා...ගෞරවයට සහ යුක්තියට අධිපතියා...සියළු දෙවිවරුන්ගේ සහ මනුෂ්‍ය වර්ඟයාගේ පාලකයා හා ආරක්ෂකයා...සැරදේවා! චෝයි මේහා...අහසට අධිපති දෙවියන්ගේ දියණිය..."

හැමෝම දණ නවලා ආචාර කරන්න ගනිද්දී අකුණුක සලකුණක නොපෙනී යන්න පටන් ගත්තා...මං අහස දිහා ඔලුව උස්සලා බැලුවා...

'තාත්තා..'

එහෙම හිතින් හිතපු මං මගේ ඉස්සරහා හිටපු පිරිස දිහා බැලුවා...ඔක්කොම නිලංකාර වෙද්දී මට අන්තිමට පෙනුනේ මගේ දිහාට දුවගෙන එන යුන්ගිව විතරයි...

================================

මං දන්නේ නෑ...මේ කොහෙද කියලා...ඒත් මට තේරුණා මේ පාතාල ලෝකේ එක පැත්තක ඉන්නේ කියලා...ඇත්තටම මං හිටියේ මොකක් හරි ගොඩනැගිල්ලක් ඉස්සරහා...ඒත් ඒක මිරිඟුවක් වගේ...මං අඩියක් තිබ්බ ගමන් මාව පහළට වැටෙන්න ගිහින් ඔන්න මෙන්න බේරුණා...

"මේක ආගාධයක්..."

මං කෙලින්ම බිම දණගහගත්තා..යක්ෂ ගද, පෞරාණික ගල් අල්තාර මත ඉහිරවූ ලේ තිබුනා...අප්‍රසන්න හැගීම් ගොන්නක් දැනෙද්දී මං ආගාධයට එබුණා...

"පුංචි වීරවරිය...ඔයා එනකන් මං බලන් හිටියා..."

ඒ කටහඩ මාව එකතැන ගල් කළා...කොදු නාරටිය දිගේ හිරියක් පැතිරෙද්දී මට හුස්ම ගන්න අපහසු වුනා...

"ඔයාට පුළුවන් මට උදව් කරන්න මේහා...ඔලිම්පියානුවන්ගේ ඉත්තෙක් වෙන්න එපා..."

මං දන්නවා...මට තේරුණා...මං හිටියේ ටාටරස්වල පාමුල...මේ කටහඩ මං කවදාවත් අහලා නොතිබුනත් මට තේරුණා ඉවෙන් වගේ මට මේ කතා කරන්නේ ක්‍රෝනෝස් කියලා...මගේ වටේ හැම දෙයක්ම මන්දගාමී වෙනවා වගේ දැනෙද්දී ඒ ආගාධය දෙස මං බලාගෙනම හිටියා...

THE TRIAMWhere stories live. Discover now