Choi Mae-Ha's POV
"රාර්....!!!!!!!!!!!!!!!!!!!!!!"
එක පාරටම එහා පැත්තේ කූඩුව ඇරුණා...
"චෝයි මේහා සහ කිම් ටේහ්‍යුන්ගේ ප්‍රතිවාදියා..."
ප්‍රොමිතියස් කෑගැහුවා...
"මිනටෝර්!!!!!!!" අන්න එහෙම එයා ඒක කියලා ඉවර කලා...
ඒ යෝධ ගොන් මිනිහා අපි ඉස්සරහට ආවේ ආයෙමත් කෑගහන ගමන්...ඒකට නම් මුළු රාක්ෂ ප්‍රේක්ෂකාගාරෙම නිශ්ශබ්ද වුනා...මස්ගොබ පිරිච්ච ලොකු අත් දෙක ඉස්සරහට පස්සට වැනෙමින් තිබුනා...විශාල ලොම් පිරුණු ඔලුවකුත්, අං දෙකකුත් තිබුණු මිනටෝර්...නැත්තන් පර්සිෆයිගේ පුතා එයාගේ රතු තෙත නහයෙන් ගිනි දළු වගේ හුස්ම පිඹින ගමන් අපි දිහා රවාගෙන බලන් හිටියා...
"අපි ඉවරයි..."
ටේහ්‍යුන්ග් උගුර යටින් කෙදිරි ගාන්න ගත්තා...
මිනටෝර්ගේ බෙල්ලේ ලේබලයක් එල්ලලා තිබුනා...
මිනටෝර්
බෙලි කඩන සුළුයි
හමුවුනොත්, කරුණාකර
ටාටරස් 1514 අමතන්නඅන්න එහෙම තිබුණේ...ඒක කියෙව්වම නම් මටත් බය නොවී ඉන්න බැරි වුනා...
"1513 වෙනියා කවුද දන්නෑ නේ..."
මං ගොනා වගේ එහෙම අහද්දී ටේහ්‍යුන්ග් මගේ දිහා රවලා බැලුවා...
"මඟුලක් කතා කරන්න එපා මේහා..."
"හෙහෙ...හරි හරි..."මං ගොන් විදිහට හිනාවෙලා අපිට ඉස්සරහින් හිටපු මිනටෝර් දිහාත් ආයෙමත් ප්‍රොමිතියස් දිහාත් බැලුවා...
"ඔයාලට ඇයි මාව මෙච්චර වැදගත්..."
මම එහෙම අහද්දී ප්‍රොමීතියස්ගේ මූන බැරෑරුම් වුනා...
"ඔයා සියුස්ගේ දරුවෙක්....ඒ කාරණාව මදිද අපිට ඔබව වුවමනා නොවෙන්න..."
ඔය තියෙන්නේ හේතුව...
"හරි හරි...ඔය හේතුව හොඳටම ඇති.."
මං එහෙම කියන ගමන් මගේ කඩුව ගත්තා...ටේහ්‍යුන්ග් එයාගේ රිප්ටයිඩ් ගත්තා...
"කොන්දේසියක් තියෙනවා..."
මං එහෙම කියද්දී ප්‍රොමිතියස් මගේ දිහා තියුණු ඇස්වලින් බලන් හිටියේ මාව අපහසුතාවයට පත් කරමින්...
YOU ARE READING
THE TRIAM
Mystery / Thrillerමම Choi Mae-Ha...සියුස්ගේ එකම උපදෙවි දුව... කවදාවත් මං හිතුවේ නෑ...ඔලිම්පස්වලට සම්බන්ධයක් තිබ්බට මං උපදෙවියෙක් කියලා...ඒකත් සියුස්ගේ...හැමෝම මං දිහා බලන්නේ අමුතුවට...ඒක ඔක්කොටම වඩා එපා වෙනවා... ඒ අතරේ තමා මට ගවේෂණයක් සෙට් වෙන්නේ...ඒකත් නැති වෙච්ච පො...