19 : පූල් එකෙන්...

36 4 0
                                    

Choi Mae-Ha's POV

යුන්ගිගේ කන්නලව්වෙන් පස්සේ අපිට කයිරොන්ව යාන්තමින් වගේ දකින්න පුළුවන් වුනා...ටිකක් විතර පැහැදිලි රූප පෙනුනා...

"කයිරොන්!!!!"

කයිරොන් හිටියේ මහගෙදර කාමරයක ලිපි ලේඛන ගොඩාක් වට කරගෙන...

"යුන්ගි!! ඔහ්! මේහත් ඉන්නවා!!"

කයිරොන් එයා අතේ තිබුණු කොළ බන්ඩල් එක පැත්තකින් තියලා අයිරිස් මැසේජ් එකෙන් පේන අපි දිහාට ආවා...

"ඔයාලගේ ගවේෂණය කොහොමද?"

"කයිරොන් අපි දැන් ඉන්නේ ඩෙන්වර් වල...ඊළඟට සැන්ෆ්‍රැන්සිකෝ..."

යුන්ගි එහෙම කියද්දී කයිරොන් හුස්මක් පිට කලා...

"මෙහෙත් අවුල් ජාලයක්...කඳවුරට සටනක් එන්න ළඟයි..."

"සටනක්..??!"

අපි දෙන්නම කෑගහද්දී කයිරොන් ඔලුව වැනුවා...මට හිතුණු දේ හරි බද මේකෙන් මට තේරුණා...

ඒත් එක්කම අපිට අඩි සද්දයක් ඇහුණා...යුන්ගි දිහා මං බැලුවේ කවුද කියලා හිතාගන්න බැරි නිසා...

"ඔයා කයිරොන් එක්ක කතා කරන්න...මං බලන්නම් කවුරුහරි ඇවිත්ද කියලා..."

යුන්ගි එතනින් පිටවෙද්දී මං ආයෙමත් මැසේජ් එක දිහා බැලුවා...

එකපාරටම...

"තව විනාඩි 5ක කාලයක් සඳහා රන් ඩ්‍රච්මාවක් තැන්පත් කරන්න"

කියලා කටහඬක් ඇහුණා...ඒත් එක්කම අයිරිස් මැසේජ් එක ටික ටික බොඳ වෙන්න ගනිද්දී මං මගේ ඩෙනිමේ සාක්කුවෙන් ඩ්‍රච්මාවක් අරන් දේදුන්න දිහාට දැම්මා...

"ඉතින් මේහා...ඔයාලා ප්‍රශ්නයක් නැතුව යනවනේ..."

"ඔව් කයිරොන් දැනට අවුලක් නෑ...ඒත් අනාවැකිය...ඒක මගේ හිතට වද දෙනවා...තාම හරියට එක පේළියක්වත් සම්පූර්ණ උනෙත් නෑ..."

මම එහෙම කියද්දී කයිරොන් මාව සනසන අටියෙන් මගේ දිහා බැලුවා...

"මේ අහන්න මේහා...ඔයා අනාවැකිය ගැන කලබල වෙන්න එපා...මටත් සැකයි...ටයිටන් රජා කොහොමද ශක්තිමත් වුනේ කියලා...හිතාගන්න බෑ..."

THE TRIAMWhere stories live. Discover now