ඉතාමත් සුව පහසු කුටියක් තුල රැස්ව සිටි පස් දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායම කුටිය තුල තිබුන විශාල සෝෆා සෙටිය මත අසුන්ගෙන සිටියා...ඔවුන් අතර තිබෙන වීදුරු ස්ටූල් එක මත විවෘත කෙරූ මිල අධික වයින් සහ විස්කි බෝතල් කිහිපයක් තිබුනා...
ඔවුන් අතරින් ජියෝන් සහ නැම්ජූන් මහාචාර්යවරු දෙදෙනෙක් , තෝමස් විශ්‍රාම ලත් යුධ හමුදාපතිවරයෙක් , තවත් අයෙක් වූ ජින් විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයෙක්, පස් වැන්නා වූ ආතර් වංචා හා දූෂණ චෝදනාවකට කොටුවී සේවයෙන් පහකරන ලද කපිතාන්වරයෙක්...
ඔවුන් පස් දෙනාගේම දැනුම බුද්ධිය එකට ගත් කල සෑම ක්ෂේත්රයකම ඔවුන්ගේ කලු සල්ලි ව්‍යාපාර නීතියේ හිඩැස් වලින් රිංගා ගොස් මුල් බැස තිබියදී ඔවුන්ව නවතාලන්නට පාලනය කරන්නට කිසිවෙකුට නොහැකි උනා...
" තව දවස් හතරකින් චාර්ල්ස් ඔහුගේ රත්ත්රං , මුතු , මැණික් සියල්ල බැංකුවට බාර දීමට උදෑසන අටට නිවසින් පිටත් වෙනව ජියෝන්"
" මම ඒ බව දැනුවත් තෝමස්...ඔහු මෙවර ආරක්ෂාවට කාර් කීයක් එවයිද යන්නයි ගැටලුව...අශ්ව කරත්ත දෙපසින් පොලීසිය රැගෙන වාහන ගමන් කරද්දී එය බාදාවක්"
" මා සමග මිතුරු වූ චාර්ල්ස්ගේ ගෘහ පාලිකාව නම් කිව්වේ වාහන හයක් එනවා කියා...එක කාරයක පොලිස් නිලධාරීන් දෙදෙනා බැහින් කාර් හයක්... "
නැම්ජූන් ලබාදුන් අලුත් තොරතුර සමග අනෙක් සිව් දෙනාගේම අවධානය නැම්ජූන්ට යොමු වෙද්දී නැම්ජූන් අසල වාඩි වී සිටි ජින් නැම්ජූන් සමග මුව කොනින් සිනහ සෙනවා සැවොම බලාගෙන සිටියා...
" ඔබ ඇය සමගත් මිතුරු උනාද මහාචාර්ය තුමා...මට සිතෙන පරිදි අප අතර වැඩිපුරම කාන්තා මිතුරියන් ඇත්තේ ඔබට "
ජින් දෙස බැලූ නැම්ජූන් අපහසුවෙන් සිනහ වෙද්දී මෙම අපහසු වාතාවරණය මකා දැමීමට ජියෝන් නැම්ජූන් සමග කතා කරා...
" එම තොරතුර ඇය තහවුරු කරාද නැම්ජූන් ?"
" ඔව්...ඇය චාර්ල්ස්ගේ බිරිද සමග කතාවට වැටිලා දැනගෙන ඒ බව..."

YOU ARE READING
Behind The Law
Fanfictionපිරිමින් දෙදෙනෙකුට ගැහැණුන් දෙදෙනෙකුට ආදරයෙන් බැදීම ආගමෙන් පවා පාපයක් උන යුගයක ආදරයෙන් බැදුන ඔවුන්ගෙ ආදරය ඔවුන්ට සම්මතයක්... නමුත් ආදරය වෙනුවෙන් පාපය වැදලගත් ඔවුන්ටද වැටහුනා ඔවුන් තවත් ආකාරයකින් ලොවටම අසම්මතයක් බව...දෙවියන් සමග වුව තම ආදරය වෙනුවෙන්...