උදෑසන අවදි වූ පසු ටේහ්‍යොන්ග් පුරුදු පරිදි තමන් ඉන්න උඩු මහලෙ දොර ඇරලා, අගතා දොර හැඩලය අතර රදවලා තිබුන පත්තර මිටිය අරගෙන නැවත දොර වසා දැන්මා...
ගිනි උදුන ලග සැප පුටුවෙන් වාඩි උන ටේහ්‍යොන්ග් පත්තර එකින් එක පෙරලන්න ගත්තෙ ඒවායෙ ඇති මිනී මැරුම් , මංකොල්ලකෑම් ආදිය සම්බන්ධව එකදු පුවතක් මගනොහරිමින්...
ජියෝන් පිලිබද ප්‍රවෘතියක් නොමැතිව පත්තර වල මුල්පිටු පාලුවෙලා ගිහින් දෝ කියල ටේහ්‍යොන්ග්ට සිතුනා...ජියෝන්ගේ කලබල නැතිව ලන්ඩනයේ දින, සති දෙකක් සමකාමීව ගෙවෙනව...අරුමයක්!!...විලියම් හැඩ්ලෝක් වීදියට පය නොගහාත් ගෙවෙන දෙවෙනි සතිය මේ...සැවොම ජියෝන්ගේ නිහඩ වීම පිලිබදව සැනසීමෙන් සිටියත් ටේහ්‍යොන්ගේ සිත නම් සෑම දිනකම පුවත්පත් වල මුල් පිටුවේ නැතත් අහුමුල්ලක හෝ ජියෝන්ගේ නම ගෑවී ඇත්දැයි සොයමින් ඉතා අවධානයෙන් සෑම පුවත්පතම මෙම සති දෙක පුරාවටම කියෙව්වා...
ජියෝන්ගේ අතට සිදුවී තිබුන තුවාලය සුව වීමටත් දැන් කාලය හොදටම ප්‍රමාණවත් බව ටේහ්‍යොන්ග්ට වැටහෙද්දී ජියෝන්ට එදින ආතර් සමග නැවත යන අතර තුරදීවත් කුමක් හෝ සිදුවෙලාද කියා ටේහ්‍යොන්ගෙ සිත කියද්දී ඔහුට පුවත්පතකින් හෝ ජියෝන් පිලිබදව කිසිවක් දැනගැනීමට නොහැකි වනවිට එම හැඟීම තවත් ටේහ්‍යොන්ග්ව ව්‍යාකූල කරා...
පුවත්පතින් පුවත්පතට පෙරලාගෙන ගිය ටේහ්‍යොන්ගේ ඇගිලි තුඩු එක් පුවතක් අසලදී ඉබේටම නැවතුනා...
"තවත් පාපීන් දෙදෙනෙක්ට මරණ දණ්ඩනය "
යන සිරස්තලය යටතේ තිබුන පුවත ටේහ්‍යොන්ගේ හදගැස්මේ වේගයත් වෙනස් කලා...වයස අවුරුදු විසි පහක් හා විසි හතරක් වන ඉතාමත් කඩවසම් එම තරුණයන් දෙදෙනා සමරිසි සම්බන්ධයක් පවත්වාගෙන යාම හේතූවෙන් ඔවුන්ව නීතියෙන් වැරදිකරුවන් කර මරණ දණ්ඩනය නියම කොට තිබෙන බව , පුවත්පතේ අකුරින් අකුර විස්තර වෙද්දී ටේහ්‍යොන්ගේ ඇගිලි තුඩු වලට පුවත්පත පොඩිවී ගොස් තිබුනේ ටේහ්‍යොන්ගේ හිතත් අහේතුකවම වගේ අසාමාන්‍ය ලෙස ස්පන්දනය වෙද්දී...
YOU ARE READING
Behind The Law
Fanfictionපිරිමින් දෙදෙනෙකුට ගැහැණුන් දෙදෙනෙකුට ආදරයෙන් බැදීම ආගමෙන් පවා පාපයක් උන යුගයක ආදරයෙන් බැදුන ඔවුන්ගෙ ආදරය ඔවුන්ට සම්මතයක්... නමුත් ආදරය වෙනුවෙන් පාපය වැදලගත් ඔවුන්ටද වැටහුනා ඔවුන් තවත් ආකාරයකින් ලොවටම අසම්මතයක් බව...දෙවියන් සමග වුව තම ආදරය වෙනුවෙන්...