අලුයම හයට පමණ චාල්ස්ගේ මන්දිරය ඉදිරිපස ගේට්ටුව අසල පෙලට නැවැත්වූ කාර් තුනක් , අශ්ව කරත්ත තුනක් සහ නැවතත් කාර් තුනක් නවත්වා තිබුනා...
එම සෑම කාර් රථයකම පොලිස් නිලධාරීන් දෙදෙනා බැගින් අසුන්ගෙන සිටියේ පිටවීයන්නට සූදානමින්...නමුත් ගේට්ටුව අසලට වී චාල්ස් සමග කතාවක නිරත වෙන බ්ලොන්ඩ් කොණ්ඩය හිමි තැනැත්තාගේ නම් දැන්ම පිටත් වී යාමට සූදානමක් පෙනුනේ නැහැ...
" මේ රත්ත්රං තොගේ අනතුරක් නැතිව බැංකුවට ගෙනියගන්න පුලුවන් වෙයිද මිස්ට කිම්?"
" ඒ ගැන සහතික කරල කියන්න මට බෑ මිස්ට චාල්ස්...ඒත් අනතුරක් වේවී වගේ හැගීමක් තියෙනවා මට...මම තවමත් ඔබට පවසන්නේ මේවා තොගය වෙන වෙනම සැක නොහිතෙන ආකාරයට බැංකුව වෙත රැගෙන යාම සුදුසුයි කියා"
" නමුත් එවිට ඒ මම පිටත් කරහරින පුද්ගලයා රත්ත්රං ටික සමග පලා ගියොත්...එය සෑහේනෙ ඔහුට ඔහුගේ ජීවිතකාලයම සැපසේ ගෙවීමට"
" ඔබට විශ්වාසවන්ත සේවකයින් නැති නම් එයට විසදුමක් මා ලග නැහැ මිස්ට චාල්ස්"
" විශ්වාසවන්ත සේවකයෝ නොමැතිව නෙවේ මිස්ට කිම්...නමුත් ඕනෑම අයෙකුගේ විශ්වාසවන්තබව මුදල් මත පදනම් වෙනවා...ගිය වසරේ අපට ප්රශ්නයක් උනේ නැහැනේ...මේ වසරෙත් එසේම වේවී"
" ඒසේ උනොත් හොදයි...අපි දැන් පිටත් වෙන්නම් මිස්ට චාල්ස්"
" හරි...සුබ පුවතක් ඇසීමට බලාපොරොත්තු වෙනවා මම"
නැවත චාල්ස් දෙස නොබලා කාරයකට වෙනුවට මැද ඇති අශ්ව කරත්තයට ගොඩ වූ කිම් ඉදිරිපස කාර් පෙල පිටත්වීමට ගන්නා තෙක් බලා සිටියේ අශ්ව කරත්තය තවමත් පිටත් නොවුනු නිසා...
අශ්ව කරත්ත ඉදිරියට ඇදෙද්දී තමා අසල ඇති රත්ත්රං පිරවූ මලු දෙස බැලූ ටේහයුන්ග්ට මතකයට නැගුනේ කලින් වසරේ ඔහු මේ ආකාරයෙන්ම චාල්ස්ගේ රත්ත්රං තොගය බැංකුවට බාරදීමට ගමන් කල ආකාරය...එදින මැල්බන් වීදියේ කඩපිලක් අසලට වී සිටි පුද්ගලයා ජියෝන්ගේ ලගම ගෝලයා උන ආතර්ද නැත්තම් වෙන අයෙකුද කියා ටේහයුන්ග්ට තවමත් වෙන්කොට තහවුරු කරගැනීමට නොහැකි වුවත් ඔහු ආතර් යැයි සියයට අනූවක විශ්වාසයක් ටේහයුන්ග්ට තිබුනා...ඉතින් මෙවර ජියෝන් ඔවුගේ ගමනට බදා සිදුනොකරාවි යැයි බලාපොරොත්තු විය හැකිද...

YOU ARE READING
Behind The Law
Fanfictionපිරිමින් දෙදෙනෙකුට ගැහැණුන් දෙදෙනෙකුට ආදරයෙන් බැදීම ආගමෙන් පවා පාපයක් උන යුගයක ආදරයෙන් බැදුන ඔවුන්ගෙ ආදරය ඔවුන්ට සම්මතයක්... නමුත් ආදරය වෙනුවෙන් පාපය වැදලගත් ඔවුන්ටද වැටහුනා ඔවුන් තවත් ආකාරයකින් ලොවටම අසම්මතයක් බව...දෙවියන් සමග වුව තම ආදරය වෙනුවෙන්...