🌕🌕🌕🌕🌕🌕🌕🌕🌕
රාත්‍රි 10 ය පසු වී ඇත. චින් මේ මුළුතැන්ගෙය අස් කරමින් සිටියේය. වර්ෂාව ද අධික වී ඇති අතර විඩෙන් විඩ මහා අකුණු ද ගසන්නීය.
.....
" යා උඹට නම් ඇත්තටම පිස්සු ද??
චින් මේ... ??? "
චියොල් හයියෙන් කතා කළේය." මට එපා. ඒකිව මට එපා.. "
චින් මේ ට ඇසුනේ සුපුරුදු කටහඬ කි. අවුරුදු හතක් ගෙවුනද එය තවමත් මතකයේ රැදි ඇත.
" මහත්තයා. සන්ග් මහත්තයා. "
චින් මේ සාලය වෙත ආවේ අයිඩෙන් ගේ කටහඬ නිසාය.ඔහු නැගිටගන්න බැරි වෙන තරමටම බිමත් ව ඇත. රැවුල වවා ඇත. එදා තිබුණු ළාමක පෙනුමට වඩා අද දැඩි පෙනුමක් ඔහුට ඇත.
" මේකිව අරං පලයන්. "
අයිඩෙන්, චින් මේ පෙන්වා චියොල් ට කීවේය." හරි යකෝ. මුලින්ම කාමරේට යමුකො. "
" චියොල් ඔහු ව රැගෙන කාමරය ට යද්දී චින් මේ දොර විවෘත කළේය.
පසුව අයිඩෙන් ව ඇදෙන් හාන්සි කරවා තෙත ඇදුම් ගලවා දැමුවේය. ඔහුගේ නිරුවත් උඩු කය දෙස බැලු චින් මේ ගේ කම්මුල් රතු විය.
පසුව චින් මේ හා චියොල් කාමරයෙන් පිටවී ගියේය.
" චින් මේ මට තුවායක් ලබා දෙන්න. "
තම උඩු ඇදුම් ලිහිල් කරමින් චියොල් කීවේය. චින් මේ ද ගබඩා කාමරයේ තිබු අලුත් තුවායක් ඔහුට ලබා දිය.
" චින් මේ, අද රෑ මොහු කුමක් කීවත් ඔහු ළගට යන්න එපා. "
චින් මේ හිස වැනුවේ හා කියන්නට මෙනි.
" මා පිටවෙනවා. "
" අනේ මේ වර්ෂාව සමඟ ඔබ කොහේ යන්නද? මෙහි සිටින්න. "
චියොල් ගේ පාද ඉබේම නතර විය.
' ඔබ කියන හැමදේකටම මා අවනත වන්නේ ඇයි චින් මේ'
චියොල් සිතින් සිතුවේය.පසුව චින් මේ තම කාමරය ඔහුට ලබා දිය.
" සමාවෙන්න. මට මෙය තමා ඔබට දිය හැක්කේ. මා සිටින කාමරය. "
" ඔබ සිටින්නේ කොහේද? "
" මා එළියට යන්නම්. "
" එපා මගේ එහා පැත්තෙන් නිදාගන්න. "
YOU ARE READING
නොදකිමි 💔 (BL - Fiction - Completed)
Historical Fictionසිහිනයක සුව දකිමි නුඹෙන් එහා යතාර්ථය නොදකිමි