....🌞🌞🙏 ලැබුවාවු නව වසර ඔබ සැමට සාමය සතුට පිරි සුබ නව වසරක් වේවා 🙏🌞🌞.....
🌕🌕🌕🌕🌕🌕🌕🌕🌕
මධ්‍යම රාත්‍රිය ආ බව පවසන්නට තැබෑරුමේ ඇති ඔරලෝසුව හඬ නගන්නට විය.
බෝතලය අතින් තද කර තම හිස මේසයේ ගසා සිටි අයිඩෙන් එක්වරම ඔළුව උස්සනනට විය.
ඔහුට කෙටි නින්දක් ගිය බැවින් ඔහුගේ මත් ගතිය හොඳින් ම පහව ගොස් ඇත.ඔහු ඇහැරෙන බව දුටු සේවකයා ඉක්මනින් ඔහු ළඟට ගියේය.
" මහත්මයා. "
සේවකයා ඔහුට කතා කළ නිසා බිම බලාගෙන ඇස් කසමින් සිටි අයිඩෙන් හිස ඉහළට එසවිය....... " චි.... චින්... මේ ?? "
අයිඩෙන් ඔහු දෙස බලා කීවේය.
" අනේ සන්ග් මහත්තයා. "
. අවසානයේ අයිඩෙන් බලා සිටි ඒ මොහොත උදාවිය.අයිඩෙන් කිහිපවරක් හොඳින් හුස්ම ගත්තෙය. ඔහු ට අදහාගත නොහැකි විය. ප්‍රීතියට ඔහුගේ දෑත් වෙව්ලන්නට විය.
පුටුවෙන් නැගිටි අයිඩෙන්, චින් මේ තදින් වැළදගෙන හිනාවෙමින් කදුළු සලන්නට විය.
චින් මේ ට මෙය අදහාගත නොහැකි විය. ඔහුට ද මාස ගානකට පසු අයිඩෙන් ව දැකීම සිහිනයක් බඳු විය." පවසන්න චින් මේ?? මෙය සැබෑ වූ සිහිනයක් නේද?? "
" ඔව් මහත්තයා. මෙය සැබෑවක්. "
අයිඩෙන් තව තවත් ඔහුව තදින් වැලද ගන්නට විය." නැවත එන්න. මා සමඟ ජීවත් වෙන්න. මා ද ඔබට ප්‍රිය කරනවා. "
මෙය ඇසු චින් මේ ගේ හදවත සතුටින් ඉපිල යන්නට විය.
" මම එන්නම් මහත්තයා. "
අවසානයේ චින් මේ හා අයිඩෙන් මුණ ගැසිනි.
🌤️🌤️🌤️🌤️🌤️🌤️🌤️🌤️🌤️
අයිඩෙන් ආයෙමත් කොරියාව වෙත යන්නට තීරණය කළේය. චින් මේ ජපන් රැකියාව ට ගියේ ගිවිසුම් කාලයකට නිසා ඔහුට තව මාස හතරක් යනකං රැකියාවෙන් ඉවත් විය නොහැකියි.
" මා ඔබ එනතුරු බලාගෙන ඉන්නම් චින් මේ. ඔබ මා එනතුරු සිටියා වගේම. "
" ස්තුතියි මහත්තයා. මාව හොයාගෙන ආවට. මට ආදරේ කරනවට. "
" මමයි ඔබට ස්තූතියි කල යුත්තේ. "
YOU ARE READING
නොදකිමි 💔 (BL - Fiction - Completed)
Historical Fictionසිහිනයක සුව දකිමි නුඹෙන් එහා යතාර්ථය නොදකිමි