....... අවසානයේ අයිඩෙන් තම අවුරුදු හතක කතාව කියා සුසුමක් හෙලීය....
" දැන් උඹ මොනවද කරන්නේ? "
චියොල් ට දුකක් වගේම කේන්තියක් ඇති විය." මේ කතාව මගේ දෙමාපියන්වත් දන්නේ නැහැ චියොල්. "
" අපිට කරන්න දෙයක් ඇත්තෙම නැද්ද ?? "
" මැරෙන්න තමා තියෙන්නෙ. "
" මෝඩයා. ටිකක් ඉවසලා ඉන්නවා. දැන් අපි ගෙදර යමු. රෑත් වෙලා. "
අයිඩෙන් හා චියොල් නිවසට පැමිණියේ ප්රශ්නය විසඳාගැනීමට වූව ද , අවසානයේ වූනේ නැති ප්රශ්නයක් අලුතින් මතු වීමය.
" මගේ අයිඩෙන්. "
අයිඩෙන් නිවසට ඇතුළු වනවාත් සමඟම අයිමි අයිඩෙන් ව බඳා ගත්තේය.චියොල් හා අයිඩෙන් ට කරගන්නට දෙයක් නොමැත.
චින් මේ ඈතට වී මෙම සිදුවීම බලාසිට දෑසට ආ කදුළු රහසේ පිස දැමීය. අයිඩෙන් ද චින් මේ දෙස කදුළු පිරි දෑසින් බලා සිටියේය.
" මට සමාවෙන්න අයිඩෙන්. නැවත මා හා එන්න. මට ඔබ නොමැතිව ජීවත් විය නොහැකියි. මට මෙසේ කරන්න එපා. "
අයිමි අයිඩෙන් ව තදින් බදාගෙන අඩන්නට විය.
මෙය දුටු චින් මේ අඩමින් එය බලා සිටියේය.
ටික වේලාවකින් හැඩීම නතර කළ අයිමි අයිඩෙන් ගේ මුව දෙස බලා ඔහුගේ මුව ඇල්ලිය.
" මා එක්ක එනවා නේද? "
චියොල් ට නම් මෙය මල විකාරයක් විය.
චින් මේ ගේ හදවත නම් දැන් කෑලි වලට කැඩී බිදී ගොස් අවසන්ය.
රාත්රි ආහාර ගන්නට සියල්ලෝම කෑම මේසයට රැස් විය.
" තමුසේ මොනවද මෙතන කරන්නේ?? යනවා ගිහින් මට බොන්න උණු වතුර එකක් ගේනවා. "
අයිඩෙන් ගේ ළඟම වාඩි වී සිටි අයිමි චින් මේ ට බැන වදින්නට විය.අයිඩෙන් ගේ හදවත තදින් රිදෙන්නට විය. ඔහුගේ පෙම්වතා වෙනුවෙන් ඔහුට හඬ නැගිය නොහැකි ය.
චින් මේ අයිඩෙන් දෙස වේදනාබර මුහුණකින් බලා එතැනින් ගියේය.
වෙනදාට අයිඩෙන් ළඟ ඉදගෙන ඔහුට කෑම කවන චින් මේ අද කුස්සියට වී ආහාර දෙස බලා සිටියේ ය.
YOU ARE READING
නොදකිමි 💔 (BL - Fiction - Completed)
Historical Fictionසිහිනයක සුව දකිමි නුඹෙන් එහා යතාර්ථය නොදකිමි