සේල රෙද්දකින් කඩමාලු වූ විලිය වසාගනිමි.
නමුත් කඩමාලු වූ විලියටම ඇලුම් කරමි.
ලෝදිය ගැලීමට හදෙහි වාන් දොරටු විවර කරමි.
පිලිස්සී අලුවී ගොස් වා තලයට හුස්ම මුදාහරින තුරු ලෝදියටම පෙම් බදිමි.
ඉතින් මම පරයෙක්මි.
නිවනට මග සෙවූවද අශාවන් කෙරෙහි ඛේට ග්‍රන්ථි උත්තේජනය කරන සුනඛයෙකි.
පිටතින් මෘදු සිතක් පෙන්වූවද ලංවුවහොත් සූරා දැමිය හැකි රළු හෘද පෘශ්ඨයක් ඇති ප්‍රේමණීය රකුසෙකි.
රාත්‍රිය තුල කිසිවෙකු පෙම් නොබදින සොහොන් කොත් මත හිද අසූචි යෝනියේ උපන් ප්‍රේතයන් ලුහුබදිමින් ප්‍රේම කිරීමට වෙර දරන පෙම්වතියෙකි.
සුප්‍රසිද්ධ ප්‍රේම වෘතාන්තවල කතුවරුන්ට,ඔවුන් අගය කරන පාඨකයන්ට වයිර කරන ඊර්ෂ්‍යා කරන
අප්‍රසිද්ධ දෑට ඇලුම් කරන හා රසවිදින
හැගීම් නොමැති හිස් කදම්බයකි.රාත්‍රී කඩුපුල් මල් වල සුවදට ප්‍රිය නොකරන කිඩාරම් මල් වල සුවදට ප්‍රිය කරන වියලුනු නාස් පුඩු ඇත්තෙක්මි.
ඉතින් මම කිසිවෙකුට නොගැලපෙන සැගවී ජීවත් වීමට උත්සහ දරන රෙද්දකින් හදවත වසාගත් රාත්‍රියට සක්‍රීය මනුශ්‍ය දියනියකි.
🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍
Thanx for reading 🖤
