No caption

35 6 2
                                    

මම එයාට ආදරෙයි මෙච්චරක්
කොච්චරක්ද කියනවනම් මේන් මෙච්චරක්
පේන්නෙ නෑ නේද??
ඔව් පේන්න දෙන්නෙත් නෑ
මම කැමතිම ආදරේ හංගන් තනියම විදින්න.
ඔන්න ඔහෙ ඕක පෙන්නන්න ඕනෙම කියලා නීතියක් නෑනෙ

මම හැමදාම රෑට එයත් එක්ක හදේ ආවාටවලට අභ්‍යවකාශෙන් ඇහිදන් ආපු ගල් අතාරිනවා.
ඔන්න එතකොට ඩෝං ගාල සද්දයක් එනවා.
අපි දෙන්නම හයියෙන් හිනාවෙනවා.
ඔන්න ඔහෙ ඕන මගුලක් කියලා පිච්චි පිච්චි හරි ඉර උඩත් ඇවිදිනවා .
තව අපි අහසෙ තරු පොකුරු පිටින් කඩාගන්නවා.
හැබැයි ඒ තරු පොකුරෙ කොච්චර තරු තිබ්බත් එකම තරුව දෙකට බෙදන් කනවා.
පුර හද පායන දවසට වෘකයෝ හදට හූ තියන කොට ඒ සද්දෙටත් වැඩිය හයියෙන්
මන් එයාට ආදරෙයි කියනවා.
එයා මට ආදරෙයි කියනවා.

ඔන්න ඕකයි බන් මන් ඒකපාර්ශ්වික ආදරේට මෙච්චරටම ආදරේ ...............

මන්නම් ආසම හදවත බිදෙනවට.
බිදුනෙ නැත්නම් බිදිලා යන්න මම මගෙ හදවතට ගලකින් හරි ගහගන්නවා.

දැන් ඉතින් මේක කියවන ඔයාලා ගල් හොයන්න යන්න එපා.
ඔය බිදුනු තරම මදැයි.
තව බිදුනොත් කෑලිවත් හොයාගන්න නැති වෙයි.
මං බිදුනට
ඔයාලා බැදෙන්න............................
🙃

වෙරිමතින් ලියමිWhere stories live. Discover now