එහා ගෙදර සුදු අක්ක බෝලයක් වගේ බිම පත බෑවෙච්ච එකෙන් උනේ මං කරන්න හදපු දේ අතරමග නතර කරන්න උන එක. හැම තිස්සෙම උල් කර ගන්න රෝස පාට තොල් පෙති දෙකේ අයිතිය මට විතරයි කියලා හිතම කියද්දි මට ඕන උනා බයෙන් උනත් එකම එක පාරක් මගේ අයිතිය තහවුරු කර ගන්න. මං දන්නෙ නෑ මට මේ වෙලා තියෙන්නේ මොකක්ද කියලා.අකූව දැක්ක වෙලේ ඉඳන් මං ඒකාට වශී වෙලා....... ඇත්තටම නෑ.... මං ඉතාලියේ ඉද්දිත් වැඩිපුරම මතක් උනේ ඌව...... දකින්නත් කලින් ඉඳන්ම මගේ හිතට මටත් නොතේරෙන මොකක් හරි වෙලා......
"එන්නේ නැද්ද ගෙදර යන්න, එහෙම නැත්නම් තවත් ඔතනට වෙලා ඉන්නෙ මං ඇවිත් අර නවත්තපු එක......."
කම්මුලට තිබ්බ පුංචි හාදුවෙන් හා පැටියා ගල් වෙලා ඉද්දී ඉස්සරහට ඇවිදන් ගිය මං හැරිල බලලා එහෙම කිව්වා. ඒත් මට කියන්න ආව දේ සම්පූර්ණ කරන්න උනේ නෑ ඒකා දඩි බිඩියේ ඇවිද ගෙන ඇවිත් මාවත් පහු කරන් යන්න ගියා. මගේ විසේ කුරුට්ටට ලැජ්ජා හිතිල......
හෙට අක්කුයි, සුදු මල්ලියි එක්ක ලොකු මාමලාගෙ ගෙදර ගිහින් එන්න ඕන. එයාලා ටිකක් පවුලෙන් ඈත් වෙලා වගේ තමන්ගේ පාඩුවේ ජීවත් වෙන්නේ.ලොකු මාමත් ආච්චි අම්මයි,සීයප්පච්චියි වගේ. අපේ අම්ම, ලොකු අම්ම, චූටි මාමා ඒ තුන් දෙනාටම වඩා ලොකු මාමා වෙනස්. ඒ නිසාම එයාලා කොච්චර අපෙන් ඈත් වෙලා ජීවත් උනත් අපි එයාලට ආදරෙයි. එයාලත් වැඩිය අපිව ආශ්රය නොකලට අපිට ආදරෙයි.
හවස් වෙලා නිසා මං වොෂ් එකක් දාගෙන කාමරේට ඇවිත් ශෝටක් ඇද ගත්ත. ඒ එක්කම තාත්තගෙන් කෝල් එකක් ආව නිසා මං එයා එක්ක කතා කරා. අම්ම ඇවිත් තාත්ත එක්ක රණ්ඩු වෙලා මාව ලංකාවට එව්ව කියල. ඒත් එයා මේ වෙනකම් නිකමට වත් මට කෝල් එකක් වත් ගත්තේ නෑනෙ. තාත්තා එක්ක කතා කරලා ඉවර උනාට පස්සෙ හිතට දැනෙන දුකත් එක්කම මම ඇද උඩින් ඉඳ ගත්ත. අම්ම තාත්ත ඉඳලත් නෑ වගේ ජීවත් වෙන එක හරිම අමාරුයි.
මගේ කල්පනාව බිඳුනේ කාමරේ දොරට කවුරු හරි තට්ටු කරද්දි, ගිහින් දොර ඇරලා බලද්දි මගේ හා පැටියා. දත් තිස් දෙකම එළියේ දාගෙන, ඒක නම් හැබැයි කපටි හිනාවක්. මගේ ඇග දිහා බලලා හිනාව පොඩ්ඩක් නැවතිලා ඒකාගේ කටත් චුට්ටක් ඇරෙද්දි තමයි මට මතක් උනේ උඩට මුකුත් ඇදලා නෑ නේද කියලා. අනේ ඉතින් මේකේ මොනව බලන්නද, චූටිම චූටි සෝස පොහොට්ටු දෙකක් විතරයි තියෙන්නේ.....