පොද වැස්ස චුට්ටක් සැර වෙද්දි මං හා පැටියව තව ටිකක් මගේ ඇගට තුරුල් කර ගත්ත. මාව තෙමුණත් ඒකව තෙමෙන්න දෙන්න බෑ. මෙහෙමයි ඉතින් කුඩේ ලොකු නිසා දෙන්නම තෙමෙන්නෙ නෑ තමයි. ඒ උනාට පොඩි කුඩයක තුරුල් වෙලා යනවා කියල හිතේ මවාගෙන මං හැසිරුණේම ඒ විදියට.
"අකූ"
"ම්ම්ම්"
"කව්ද ඔය යාළුවා"
"තේෂ්"
"කොහෙද ඉන්නේ,කොහොමද හම්බ උනේ.ඇයි මට නොකියා ගියේ"
ඒ ගමන ඇස් පිල්ලම් ගගහ මං දිහා බලන් ඉන්නවා.
"ඇයි උත්තර නැද්ද"
"නෑ තව ප්රශ්න නැද්ද කියලා බැලුවේ, දැන් ඉස්සෙල්ලම උත්තර ඕන මොන ප්රශ්ණෙටද"
"පිළිවෙලට ඔක්කෝටම උත්තර දීපන්"
"තේෂ් ඉන්නෙ ටවුන් එක පැත්තෙ.A/L ක්ලාස් යද්දි හම්බ උන යාලුවෙක්. ඔයාට මං උදේ කතා කරා, ඒත් කුම්භකර්ණ වගේ නිදියන් හිටිය නිසා මං පාඩුවේ ගියා, කෝ තව ප්රශ්න තියේද ප්රශ්න"
"ඔව් තියෙනවා. නැනී කිව්ව කසාදයක් නිසා ඒ කොල්ලා අපේ නෑදෑයෝ වෙන්න යන්නෙ කියලා, මොකක්ද ඒ කසාද කතාව"
"ඇයි නැනී ඔයාට විස්තරේ කිව්වෙ
නැද්ද ""නෑ"
"අපි දෙන්නා කසාද බඳින්නනෙ යන්නෙ"
"අ... අපි දෙන්නා කිව්වෙ"
"තේෂුයි,මමයි"
"මොකක්"
මං අක්කුගේ අත තදින්ම මිරිකලා අල්ල ගත්තේ හිතට දැනෙන කේන්තිය නිසාමයි. ඒකා වේදනාවෙන් ඇබරෙද්දි මං එහෙමම ඒකවත් ඇදන් පාරෙන් පහළට තිබ්බ අඩි පාර දිගේ වේගෙන් ගියා. පොඩි කාලේ මතකෙන් මට යාන්තමට මතක් උනා මේ පැත්ත ගැන. රබර් වත්ත මැද ලොකු කළු ගල් තලාවක් තිබ්බ. මං අක්කුව ඇදන් ගිහින් ඒ කළු ගල් ටික ළඟට තල්ලු කරලා කළු ගලකට ඒකව උරහිසෙන් අල්ලන් තද කරල හේත්තු කරා. කුඩේත් පැත්තකට විසික් කරල දාල අක්කුගේ මූණට නැමුන.ඒකා හොඳටම බය වෙලා.
"ආයෙත් කියපන් බලන්න කවුරු කාවද බඳින්න යන්නෙ කියලා"
"සිත්"