"අම්මටයි, තාත්තටයි එපා උන මාව සීයප්පච්චිලත් බාර ගත්තෙ නැත්නම් මට මොකක් වෙයිද සිත්, මං එහෙනම් අනාථ නිවාසෙක හැදෙයි නේද. එතකොට ඔයාලා දන්නෙත් නෑනෙ ඔයාලගේ පවුලේ මං වගේ කෙනෙක් හිටිය කියල. එහෙම උනා නම් අපිව හම්බ වෙන එකකුත් නෑ..... අපි ආදරේ කරන එකකුත් නෑ.... මේ විදියට ළඟට වෙලා තුරුල් වෙලා ඉන්න එකකුත් නෑ"
"උරුම වෙන්න තියෙනවා නම් ලෝකෙ එහා කෙළවරේ හිටියත් ඒ දේ උරුම වෙනවා වස්තු, උඹ ඉපදුනේම මං වෙනුවෙන්. මගේ ආදරේ එකම අයිතිකාරයා උඹ විතරයි"
"සීයප්පච්චි, ආච්චි අම්මා, නැනී අම්ම තුන් දෙනාම අපි දෙන්නට හිතේ සතුටින් ආශීර්වාද කරපු එක මගෙ හිතට ලොකු සැනසීමක් සිත්. එයාලගෙ හිත් වලට දුකක් දීලා මං ඔයා ළඟට ආව නම් මං හිතෙන් දුක් විඳියි. පුංචි කාලෙ ඉඳන්ම මං වෙනුවෙන් හිටපු අයට අකීකරු වෙලා ගුණමකුවෙක් වෙන්න මට ඕන නෑ සිත්"
"හැම දෙයක්ම හොදම විදියට සිද්ධ උනානෙ අක්කු, අපි එච්චර අවාසනාවන්ත නෑ බං"
ජෝඩු තුනම එකට ඇවිදින්න ආවට අනිත් හතර දෙනා නම් පේන තෙක් මානෙක නෑ. අපි ආවේ පාර්ක් එකකට. මෙතන හිතේ හැටියට නිදහසේ කතා බහ කරන්න පුළුවන්.
"අක්කු"
"ම්ම්ම්"
"තාත්ත මට ටික දවසකට එහෙ එන්න කිව්ව"
"ඉතින් ඔයා යනවද"
"සීයප්පච්චි කිව්ව විදියට දැන් අපිට බිස්නස් බාර ගන්න වෙනවනේ, ඊට පස්සේ නිදහසක් නැති නිසා මං හිතුවේ ඊට කලින් ගිහින් පොඩ්ඩක් තාත්තවත් බලලා නිදහසේ ඉදල එන්න ඕන කියලා"
"අනේ"
"ඇයි"
"එතකොට මං"
"ඇයි මොකෝ"
"මහ ලොකුවට කිව්වෙ නම් කොහොමද උඹ නැතුව හුස්මක් දුරින් වත් ඉන්න බෑ වස්තු.... බ්ලා, බ්ලා, බ්ලා....... ඔහෙලගෙත් බොරු මරිසි"
"අනේ අනේ අක්කුවෝ"
"ඇයි මොකද දැන් හිනා වෙන්නේ"
"දැන් මං කිව්වද දාල යනව කියල"
"එක්ක යනව කිව්වෙත් නෑනෙ....... හෑ ඔය නොකිය කියන්නෙ එක්ක යනව කියල නේද, ඔයා හරි හොඳයි අනේ"