1🌞

289 23 9
                                    

" සර් මේකනම් හරියන්නේ නෑ.මේ සතියට ගමේ සිද්ද උන කී වෙනි මරණයද මේ...මෙහෙම ගියොත් ගමේ මිනිස්සුට බයෙන් තමයි ජීවත් වෙන්න වෙන්නේ"

" ඒක තමයි මාත් බැලුවේ...මිනීමරුවව ඉක්මනින් අල්ලගන්න ඕනේ...ඒත් ඒක කියන තරම් ලේසි වැඩක් නෙමෙයි...කව්රු මේක කරත් ඒ කෙනා ගොඩක් කපටි කෙනෙක් වෙන්න ඕනේ ඒකනේ කිසිම සාක්ශියවක්වත් ඉතුරු කරන්නේ නැත්තේ...කොහෙන් පටන් ගන්නද කියලා හිතාගන්න බෑ...."

" මේක කරන කෙන අනිවාර්යයෙන්ම සයිකෝ කෙනෙක් වෙන්න ඕනේ...නැත්නම් මේ විදිහට අමානුෂික විදිහට මරලා දාන්නේ නෑනේ"

" හ්ම්..මම කොයි එකටත් සැක කටයුතු තැන්වලට ආයේ ගිහිල්ලා බලන්නම්...විශේෂයෙන් බොඩීස් හම්බුන තැන වලට...අපිට මග හැරුනු මොනාහරි තිබ්බොත් එහෙම...."

" හරි සර්..මාත් එහෙනම් සර් එක්ක එන්නම්කෝ"

*****************************

" අය්යාආආආආආආආඅ"

" මොකද කචකචේ"

"හ්ම්ක්...ඒම කියන්න එපා මට...පව්නේ මේ චූටි කොල්ලා..."

"උබේ කොහෙද බන් චූටි..."

" හරි හරි..අය්යේ අහන්නකෝ මගේ සුදු රත්තරං අය්යේ"

" මොකෝ මේ?"

" අය්යා දන්නවනේ මම අය්යට කොච්චරක් ආදරේද කියලා මගේ සුදු මැනික ඔයානේ "

" මොකෝ මේ පැණි ගාන්නේ...එනපොට හොද නෑ කොල්ලෝ"

" අනේ එහෙම නෑ අය්යේ...මට ඉතින් ඉන්නේ අය්යා විතරයිනේ"

" මොකෝ එකපාරටම සහොදර කැක්කුම ගහලා...මගෙන් මොනවහරි ඕනේද?"

" ඒ වගේ තමයි ඉතින්"

"ආහා..මං දැනන් හිටියා සුදු මැනික උම්මා කැටේ කියාගෙන එනකොට මොකක්හරි පරාලයක් දාන්න තමයි කියලා "

" අහන්නකෝ අය්යා"

" කියන්නකෝ බලන්න"

" මේකයි කතන්දරේ...හෙට අපේ ඉස්කෝලේ දෙමව්පිය රැස්වීමක් තියෙනවා...ඉතින් එදාට අය්යට එන්න බැරිද?"

" ඈ බන් උබට මාව පෙන්නේ තාත්තා වගේද?? දෙමව්පිය රැස්වීමට මම කොහොමද එන්නේ...ඒකට අම්මා හරි තාත්තා හරිනේ එන්න ඕනේ...මම ඇවිල්ලා හරියනවද?"

සහී🌞 | zhanyi sinhala bl loveWhere stories live. Discover now