8🌞

91 11 6
                                    

Akash pov:

" ඔය මුද්දට කියන්නේ කාළ නාග් මුද්ද කියලා...පොතේ හැටියට ඔය මුද්ද අවුරුදු 1000ක් විතර පරණයි...ඕක මුලින්ම හදලා තියෙන්නේ නියායෝ කියන මන්තරකාරයෙක්....එයා හිමාල කදුවැටියේ තිබ්බ ගුහාවකින් හොයාගත්තු දුර්ලභ ගනයේ පාෂාණයකින් තමයි මේක හදලා තියෙන්නේ...මේක සාමාන්‍ය මුද්දක් නෙමෙයි මේක යම්කිසි කෙනෙක්ව තෝරගන්නවා ස්වාමියා විදිහට ඒ කෙනාට මුද්ද මගින් මොකක්හරි බලයක් ලබාදෙනවා...සහීට ඒ මුද්ද ලැබිලා තියෙන්නේ එතකොට සහීගේ බලය එයාට අනාගතය පේනවා...හීනෙන් විතරක් නෙමෙයි නිකනුත් එයාට පෙන්න බැරි නෑ..ඒක හරියට vision එකක් ලැබෙනවා වගේ...අපී මුද්දේ ආරක්ශකයෝ...ඒ කියන්නේ සහීගේ ආරක්ශාවත් අපිට තමයි බාර වෙලා තියෙන්නේ මේ මුද්දේ බලය ගැන දන්න ගොඩක් දුශ්ට අය මේක ගන්න නොකරන දෙයක් නැති වෙයි...දැන් එයාලා දන්නවනම් මුද්ද කාගාවද තියෙන්නේ කියලා සහී ඉන්නේ ලොකු අනතුරක.." රුද්‍ර ලොකු කතාවක් කිව්වේ ලොකු පොතක් දිහා බලන ගමන්...පොලව යට පුස්තකාලයක්....හිතාගන්න පුලුවන්ද ??

දෙය්යනේ මගේ මල්ලිගේ ජීවිතය අනතුරක....එතකොට එයා තෝරගත් තැනැත්තා මේක හීනයක් වගේ...ඒ මුද්ද මල්ලිව තෝරගෙන තියෙන්නේ ලොකු වැඩකට වෙන්න ඕනේ...

" ඔයාලා මුද්දේ ආරක්ශකයෝ වෙන්නේ කොහොමද ?" මම ඇහුවම රුද්‍ර මගේ දිහා බලලා අර කෙල්ල දිහා බැලුවා

" අපි සාමාන්‍ය මිනිස්සු නෙමෙයි ආකාශ් අපි කව්ද කියලා ඔයාට කිසිම අදහසක් නෑ..මේ මුද්දේ අනාගත ස්වාමියා එනකම් අපි අවුරුදු ගානක් ඉවසුවා...අපී හීනකින්වත් හිතුවේ නෑ එයා සහී වෙයි කියලා ගනේශ් කියන්නේ මගේ සහෝදරයා වගේම එයාට අපිටත් වඩා සහී ගැන ලොකු වගකීමක් තියෙනවා..ඒ බැදීම විශේෂ එකක්..." රුද්‍ර කිව්වේ බැරෑරුම් විදිහට...

" ඔයාලා මිනිස්සු නෙමෙයිද?"

" අපි මිනිස්සු ඒත් ඔයාලා වගේ නෙමෙයි අපි අමරණීයයි....ඒ වගේම අපිට තියෙන බල ගැන ඔයාට කිසිම අදහසක් නෑ" කෙල්ල කිව්වා....එයාලා අමරණීයයිලු..

Meanwhile

Sahi pov:

මම ආපහු නංගිගේ ගෙදර ආවේ ගනේශ් අය්යා එක්ක....නංගිව හම්බුන අපි එයාට හැම විස්තරයක්ම කිව්වම එයා සතුට වැඩිකමට මාව බදාගෙන මගේ කම්මුල ඉම්බේ මාව ශොක් වෙලා ගනේශ් අය්යව කේන්තියෙන් රතු කරලා...

සහී🌞 | zhanyi sinhala bl loveWhere stories live. Discover now