11 🌞

72 11 6
                                    

දීර්ඝ නිවාඩුවෙන් පස්සේ ඉස්කෝල නැවත ආරම්බ කරා...සහී පාසල් එන්න කලින් අකමැති උනත් අද නම් ආවේ කැමැත්තෙන් මොකද එයාලගේ පංතියේ අලුත් english sir වෙන කව්රුත් නෙමෙයි ගනේශ්

එයා පංතියට එද්දි දැක්කේ එයාගේ හොදම යාලුවා මනුජ...

""ඕයි සහියා""

""හේයි long time no see "

සහී මනුජ ගාවින් ඉදගත්තා එයාලා නිවාඩු කාලෙ කරේ මොනාද කියලා කතා කරත් සහී තමන්ට තියෙන බලය ගැන මනුජට කිව්වේ නෑ

Pray කරලා ඉවර උනාම පංතියට ආවේ පංති බාර සර් ...රුද්‍ර සහී එයාට හිනා උනත් සර් නම් හිනාවුනේ නෑ.. සහී මූණත් නරක් කරගත්තා

රෙජිස්ටර් මාර්ක් කරද්දි සහී නිකමට බ්ලැක් බෝඩ් එක දිහා බැලුවා

එතකොට දැකපු දෙයින් සහී ගොඩක් බය වුනා...

හරියටම බ්ලැක් බෝඩ් එක මැද හිටියේ සුදු ගවුමක් ඇදගත්තු කොන්ඩෙත් කඩාගෙන ඉන්න සුදුමැලි පෙනුමක් තිබ්බ කුඩා දැරියක් කොටින්ම කිව්වොත් ඇය අවතාරයක්...ඇය දුටු සහී ගොඩක් බය වුනා...එම දැරිය කෙලින්ම බැලුවේ සහී දිහා..ඒ බැල්ම ගොඩක් බය හිතෙන එකක්..සහීගේ ලොකු වෙච්ච ඇස් දෙක දිහා මනුජ බලං ඉදියේ පුදුමයෙන්

"" මොකෝ බන්""

මනුජ ඇහුවත් සහී මුකුත් කියන්නේ නැතුව ඒ දැරිය දිහා බලාගෙන ඉදියා

ඒ දැරියගේ මුළු ඇගම ලේ සහා වතුරෙන් පෙගිලා තිබ්බේ....

මනුජ සහීව හය්යෙන් හෙලෙව්වා එත් සහී එක කෙලින්ම ඇස් පිය ගහන්නත් නැතුව දැරිය දිහා බලං ඉදියා

"" ඒ බං බය නොකර ඉදපං..ඒයි සහීයා""

මනුජ තම හොදම යාලුවගේ අසාමාන්‍ය හැසිරීමට ගොඩක් බය වුනා...

ඒ දැරිය හෙමින් හෙමින් අඩිය තිය තිය ආවේ සහී ගාවට...සහීගේ ඇස් ලොකු උනා

එයාට කට වෙව්ලුවා

දැරිය සහීගේ ඇස් දෙක දිහා බලං ,

" be careful"

හරි හෙමින් ඒක මිමිනුවා

" danger is coming soon "

දැරියගේ මුවෙන් ලේ එන්න ගත්තම සහීට එකපාරටම කෑගැස්සුනා ඒකෙන් මුළු පංතියම ගැස්සිලා ගියා...රුද්‍ර එක්වරම සහී දිහා බැලුවම දැක්කේ සහී තමන් ඉදිරිය දිහා ගොඩක් බයෙන් වගේ බලං ඉන්නවා

රුද්‍රට තේරුනා මොකක්හරි දෙයක් මෙතන වෙනවා කියලා

සහී දැක්කා ඒ දැරිය එකපාරටම අතුරුදන් වෙලා යනවා..

එවිටම සහී ලේ වමනය කරේ හැමෝම බියට පත් කරමින් .....



















සහී දෑස් අමාරුවෙන් විවර කරා...ඔහු සිටියේ ඇදක් උඩ..එයා නැගිට්ටම එකපාරටම එතනට ආවේ ගනේශ්

"" සහී ඔයාට කොහොමද ළමයෝ"" ගනේශ් කලබලයෙන් ඇහුවා

" පොඩි මහත්තයා ??"

"" ඔයාට කොහොමද අනේ තාම අමාරුද?""

ගනේශ් වද වෙන හඩින් ඇහුවා

"" ම---ම හොදින් ගනේශ් මොකද මට උනේ""

සහී අමාරුවෙන් අහද්දි ගනේශ් ඇදේ අනෙක් පස ඉද ගනිමින් සහීගේ ඔලුව අත ගෑවා

"" ඔයා සිහි නැතුව වැටුනා....මම අහ් නෑ මේ අපි ගොඩක් බයවුනා..මගේ සහෝදරයා තමයි ඔයාව මෙහෙට ගෙනාවේ..ඔයාගේ අය්යත් ආවා..එයා ගොඩක් කලබල වෙලා හිටියේ එයා ඔයා නැගිට්ටම කන්න මොනවහරි අරං එන්න ගියා""

සහී ඔලුව වැනුවා විතරයි

එයා ලොකු හුස්මක් පිට කරා එයාට සියල්ල මතකයි

හොල්මන් කෙල්ල කියපු දේ...එයා අනතුරු ඇගෙව්වා....

සහී දැන් ඕනේ කාගෙන්හරි පපුවක් තුරුල් වෙන්න..මොකද එයාට මේ හැමදෙයක්ම විකාරයි වගේ දැනුනේ

එයා ලග හිටපු ගනේශ්ගේ ඇගට හේත්තු වෙලා පපුවට තුරුල් උනා....

මුලින් පුදුම උනත් ඊටපස්සේ සහීගේ කෙස් අතරේ ඇගිලි යවා සහීව සන්සුන් කරා..

" බබා...ඔයා මොකටවත් බය වෙන්න එපා මම ඉන්නවනේ..ම්ම්ම් හරිද මම ඔයාව ආරක්ෂා කරනවා""

"" මම දන්නවා ""

හෙමින් කිව්ව සහී තවත් ගනේශ්ගේ පපුවට තුරුල් වෙලා බෙල්ල වටේ අත යවලා බදාගත්තා සහීගේ ගනේශ්ගේන් දැනුනේ ආරක්ශිත හැගීමක්

එයා ගනේශ්ගේ බෙල්ලට තෙත හාදුවක් දුන්නේ ගනේශ්ගේ ගැස්සිලා යද්දි.....

............................................................................










අදට මෙච්චරයි

මගෙ යටි බඩ රිදෙනවා අප්පා

දන්නෝ දනිති

මම යන්නම් බායි ❤

සහී🌞 | zhanyi sinhala bl loveWhere stories live. Discover now