අවුරුදු මාසේ ඉවර වෙන්න තව සතියක් හමාරක් වගේ ඉතුරුවෙලා තියෙද්දියි මට මතක් වුනේ ඊලග සතිය වෙද්දි මං ආයේම කැම්පස් දුවන්න ඕන නේද කියලා.
දැන්නම් වලව්ව දාලා යන්න දුකත් වගේ අනේ. අර ආච්චියා හැරුනම මෙහේ ඉන්න අනිත් හැමෝම මට හරි ආදරේ උනානෙ. වැඩියෙන්ම අහිංසා ආන්ටි. මෙහෙ ඉදපු දවස් දෙක තුනට එයා මට සැලකුවේ එයාගෙම කෙනෙක්ට වගේ.
රතුපාට පසුබිමේ කලුපාටින් බතික් කරපු සරමට තනිරතු පාට නැශනල් කර දාපු අත්දිග කමිසෙයි ඇදන් කන්නාඩිය ඉස්සරහට ගිහින් කොන්ඩේ ඔක්කොම එක් අහු කරලා ගුලියක් ගහපු මම කන්නාඩියෙන් පේන අවුරුදු කුමාරයා එක්කලා හිනා වුනා.
යෝහ්හ්හ් සෙස්සි පාටයි කඩවුලේ...
අවුරුදු උත්සවේ ඉවර වෙලා ගෙවල්වලට ගිහිනුත් කෙල්ලො හූල්ලයි ඕ යෑස්. මේ වගේ සෙස්සි කොල්ලෙක් ලබන්නත් පින තියෙන්න ඕන නන්ගේ...
කෝකටත් කියලා මං සරමට උඩින් බෙල්ට් එකක් දාගත්තේ ගිය පාර අපේ ගමේ අවුරුදු උත්සවේදි ගෝනී රේස් පනින්න ගිහින් ඒකෙන් පලවෙනියත් වෙලා අන්තිමේ ගෝනියෙන් එලියට එද්දි ගෝනියත් එක්කම සරමත් ගැලවිලා වුන විජ්ජුම්බරේ මතක් වෙලා.
ම්ම්...තව පැය බාගයයි තීන්නෙ අවුරුදු උත්සවේ පටන් ගන්න. ඒත් වලව්වෙ උදවිය තාමත් මහ උජාරුවට ලෑස්ති වෙනවා.
📥 adilath ekkala parissamata yanda sudu bole.
මිදුලට යද්දිම ආව පනිවිඩේට ඇහැදාපු මාව අව් කාශ්ටකේ නිසාද මන්දා රතු වේගන ආවා.
අනේ මේකාගෙ මේ ඉන්කි පින්කි පොන්කි වචන දැක්කම මට ලැජ්ජා..යි වගේ.
📥bah
ඇයි ඔහේ එන්නෙ නැද්ද කියලා අහන්නත් හදලා මං කෙටියෙන් උත්තර දීලා ටික වෙලාවකට පස්සෙ වලව්වෙ උදවියත් එක්කම ගමේ ඉස්කෝලේ පිට්ටනිය දිහාට ඇවිදන් ගියා. වලව්වෙ ඉදන් පිට්ටනියට මීටර් පන්සීයක්වත් නැති වෙද්දි නාකි හුචක්කුවට ඒ දුරවත් පයින් යන්ඩ බෑය වලව්වෙ නම්බුවට හොද නෑය කියලා මැරෙන්න ගියා.
ඒ උන්දෑ විතරක් ඩ්‍රයිවර් කෙනෙක් එක්ක පරන මොරිස් මයිනර් එකෙන් යද්දි නිලමේ සීයා නඩේ ගුරා වගේ බස්තමත් උස්සන් ඇවිදන් ආවා අපිත් එක්ක. මොනා වුනත් නිලමේ සීයා එල පොරක්. යෝහ්හ් ලංකාව තීන්නෙ ලෝක සිතියමේ සීයා ඉන්නෙ හදවතේ.
YOU ARE READING
ශ්වේත අග්නි
General Fiction"මල්ලි, මට අරූව දීපම්!" "හහ්?" "අර කොන්ඩකාරිව මට දීපම්..." "උබ ඔය ඉල්ලන් කන්න යන්නෙ මයෙ අයියන්ඩි..." ඇස් දෙක ඉස්සරහටම ආව ඒ රූපේ මගේ විතරමයි. නරේන්ද්‍රසිංහ වලව්වෙ පොඩි හාමුගෙ මැණිකෙ වෙන්නෙ උබ විතරයි මගේ රිශී... . . . "උබට කොහෙන් ආපු හයියක්ද වලව්වෙ පු...