chapter 18

694 95 103
                                    

"ලංකාවෙ සිද්ද වුන මුල්මවත් අන්තිමවත් නිදන් අපරාධෙ නෙමෙයිනෙ බම් මේක. හැබැයි එහෙම කියලා ඇහැ කන පියාන බලන් ඉදලත් බෑ."

"ඒක තමයි අයියන්ඩි මාත් මේ කියන්නෙ. උදුනාගලයාගෙ බල පුලුවන්කාරකම තමයි ඕකුන් ඔය පෙන්නනෙ. SSP කාරයාගෙත් ඔලුව කාලා මුන්. ඌත් කියනවා අතෑරලා දාන්ඩලු"

"හහ්... අතෑරලා දාන්ඩ මේක කුනුගොඩක් නෙමෙයි! මේක මයේ රට!!! උන් විනාස කරන්නෙ හෙළයන්ගෙ උරුමෙ බොල. රටක ප්‍රෞඩවත් ඉතිහාසය! අනාගතේ මයේ පුංචි එවුන්ට ගන්ඩ තීන හුස්ම ටික!"

"ඔක්සිජන් කන්ඩද? අහපු කාලකන්නියො ඉන්න රටක මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්ඩ බෑ අපෙ අයියන්ඩි."

වලව්වෙ එකාලා උන් උන්ගෙ කතා වෙද්දි පුරුදු පරිදි මායි මලයයි උන්නෙ පහල වත්ත පහල ලිං ගැට්ටට හේත්තු වෙලා. උන් ඉන්ඩ තැන්වල කතා කරන්ඩ පුලුවන් දේවල් නෙමෙයි නෙවැ මටයි මූටයි තියෙන්නෙ. මොකො  වලව්වෙ උන් දන්නවෑ අපි නටන නාඩගම්.

ඊයේ රෑ මයෙ කොන්ඩකාරිත් නිදා උන්නෙ මා එක්ක වෙද්දි උදැහැනැක්කෙ ඇහැරිලාත් මයෙ පස්සෙන්මයි උන්නෙ කවදාවත් නැතුව. සමහර විට ඒකලට දැන් දැන් දැනෙනවා ඇති මාව. කොහොමින් කොහොමින් හරි වදෙන් පොරෙන් ඒකලාගෙ ඇහැ රවට්ටලයි මං වත්ත පහලට ගෑටුවෙ.

"දේශප්‍රේමේ ගැන කතා කරපු උඹ මොකද අයියන්ඩි ඒ ගමන වලව්ව දිහා බලාන පැණි පෙරන්ඩෙ?"

"......."

උදැහැනැක්කෙ මයෙ පපුවට තුරුලු වෙලා ඒකා උණුහුම හෙව්වෙ කුරුලු පැටියෙක් ගානට වෙද්දි මට පුදුමතරම් ලෝබකමක් දැනුනෙ. එක්ටැම් ගේක තියලා හිරකරන්ඩ හිතයි මයෙ කොන්ඩකාරිව.

"උබට දෝදුද අයියන්ඩි?"

තනිකරම උමතුවක් බම් උබ මට.  උබේ එක බැල්මකින් ලැබෙන මත්බව ගන්ඩ බෑ ගිනි වතුර ගැලුමකින්වත්. ඒ තරමට උබ ගින්දරක්. මට මාව නැති කරලා දාන තරමටම. ඉතින් මේ තරම්වත් පාලනය වෙලා ඉන්න මට ගහන්ඩ වටින්නැද්ද බම් සම්මානෙකින්.

"යකෝ අයියන්ඩි..... බීරි ද උබ?"

ඒ ගමන මයෙ කන ලග එකෙක් බෙරියන් දෙන්ඩ ගත්තයින් අපූරුවට සම වැදිලා උන්නු දැහැනත් බිදුනා.

ශ්වේත අග්නිWhere stories live. Discover now