Chapter 22

489 94 14
                                    

ටේහ්‍යුන් සිහිය නැතුව දවස් දෙකක් හිටියා වගේම ටේහ්‍යුන්ගේ තත්ත්වේ සාමාන්‍ය උනාට පස්සේ ඩොක්ටරස්ලා ටේහ්‍යුනව වෝර්ඩ් එකට දැම්මා..ටේහ්‍යුන්ගේ තාත්තා එක දවසක් ටේහ්‍යුන් ලග නතර උනාට පස්සේ බලෙන්ම තාත්තාව ගෙදර යවලා ටේහ්‍යුන් ලග නතර උනේ ජන්ග්කුක්..මොකද ටේහ්‍යුන් ලග ජිමින්ව නතර කරලා යන්න තරම් මානසිකත්වයක් ජිමින්ට තිබ්බේ නෑ...එතකොට අනිත් අයත් ජේහ්‍යුන්ට විරුද්ධව නඩුව සම්බන්ධයෙන් වැඩ නිසාත්, ජන්ග්කුක්ගේ තාත්තාට එදාට නයිට් ඩියුටි තිබ්බ නිසාත් ජන්ග්කුක්ට ලේසියෙන්ම ටේහ්‍යුන් ලග නතර වෙන්න පුලුවන් උනා..

" තාත්තා ඇයි ලොකු තාම නැගිට්ටේ නැත්තේ ?? "

ටේහ්‍යුන්ව චෙක් කරන්න ආපු ජන්ග්කුක්ගේ තාත්තගෙන් ජන්ග්කුක් අහනකොට ජන්ග්කුක්ගේ තාත්තා දුකෙන් ටේහ්‍යුන් දිහා බැලුවා..

" බය වෙන්න එපා කූ...ලොකූ ඉක්මනට නැගිටීවි..."

ජන්ග්කුක්ගේ ඔලුව අතගාන ගමන් ජන්ග්කුක්ගේ තාත්තා කියනකොට ජන්ග්කුක් ඇස්වල කදුලු පුරෝගෙන ජන්ග්කුක්ගේ තාත්තගේ අතින් අල්ලගත්තා..

" ඔයාලා ශුවර් නේද තාත්තා ලොකූට ප්‍රශ්නයක් නෑ කියලා...බලන්න එයාගේ හාර්ට් බීට් එක තාම හයි.."

ජන්ග්කුක් ටේහ්‍යුන්ට හයි කරලා තියෙන මැශින් එක පෙන්නන ගමන් කියනකොට ජන්ග්කුක්ගේ තාත්තා ජන්ග්කුක්ගේ ගානට නැවිලා ජන්ග්කුක්ගේ අත් දෙකෙන්ම අල්ලගත්තා..

" කූ මේ අහන්න...එයාට අභ්‍යන්තර තුවාල මුකුත් නෑ...ලොකූ සිහිය නැති උනේ ශොක් එක නිසායි...ඒකයි තාමත් එයාගේ හාර්ට් බීට් එක හයි...ඒක සාමාන්‍ය දෙයක්..ඔයාට අපිව විශ්වාස කරන්න වෙනව කූ...අනික ලෙඩ්ඩු බලාගන්න ආපු කෙනා ඔහොම අඩ අඩ ඉදලා හරි‍යනවද ?? "

" ඒත් - "

" සුදු පුතා මේ අහන්න...ටේහ්‍යුන්ට මුකුත් වෙන්නේ නෑ..එය ඉක්මනට නැගිටීවි..ඒ නිසා බය නොවී ඉන්න..ඔයා ඔහොම අඩන්න පටන් ගත්තොත් එහෙම මන් ඔයාව දැන්ම ගෙදර යවනවා...අඩන බබාලට ලෙඩ්ඩු බලාගන්න බෑනේ..."

ජන්ග්කුක්ගේ තාත්තා බොරු තරහක් අරන් කියනකොට ජන්ග්කුක් ඉක්මනට කදුලු පිහිදගත්තා..බැරි වෙලාවත් තාත්තා කිව්වා වගේම ජන්ග්කුක්ව ගෙදර යැව්වොත් එහෙම මෙච්චර මහන්සිවෙලා ටේහ්‍යුන් ලග නතර වෙන්න හදපු එකත් අපරාදෙනේ...

You Are MY ENEMY || TK || CompletedWhere stories live. Discover now