දාසයවෙනි පිටුව

461 54 0
                                    


"ධීර්..... ධීර්....... ධීර්!!!"

" අහ්..... සර් මට කතා කරාද??"

" කතා කරාදත් අහනවා...... මං දැන් මේ පැයක් විතර තිස්සේ කතා කරන්නේ..... ධීර් මොන ලෝකෙද ඉන්නේ ???"

"අහ්....... සොරි සර්...... මට ඇහුනේ නෑ...."

" මටත් තේරුනා ඇහුනේ නෑ කියලා.... මොකද මේ ලෝකේ නෙමේ හිටියේ.... පැයක් විතර ඉඳලා ඔය මල්පෝච්චිය බදාගෙන මොකක්ද කරන්නේ ධීර්??"

එතකොට තමා ධීර් දැක්කේ එයා මේසේ උඩ තිබ්බ පතොක් පැලේ බදාගෙන ඉන්නේ කියලා......

" සො...සොරි සර්......"

" සොරි නෙමේ මං දැන් දවස් දෙක තුනකම ඉඳලා බලාගෙන ධීර් ඉන්නේ මේ ලෝකේ සිහියෙන් නෙමේ...... මොකද කෙල්ලෙක්වත් සෙට් උනාද??"

ඉනේෂ් එහෙම අහද්දි නම් ධීර්ගේ මූණේ ලස්සන හිනාවක් ඇදුනා.....

" ආව්..... ආව්..... මූණේ තියෙන පෙම් පාට.... ඒ කියන්නේ කෙල්ලෙක් සෙට් වෙලා......??"

" සෙට්මත් නෑ ඉතිම් තාම......"

"එහෙනම් ධීර් කැමැත්ත ඇහුවා?"

" නෑ කෙලින්ම ඇහුවේ නෑ..... වටෙන් කිව්වා....."

" මොනාද මනුස්සයෝ කරන්නේ..... අහන්නේ නැතුව??"

" සර් නම් කියයි එහෙම අහන්න භය හිතෙනවනේ......"

"ඇයි ඌඹ මෝහිණීගෙනද යාලු වෙන්න අහන්න යන්නේ භය වෙන්න...."

" අපෝ නෑ සර්..... එයා පොඩ්ඩක් වස උනාට මෝහිනී කියන්න එපා.."

ධීර්ට මතක් උනේ මහීෂා පේෂන්ට් කෙනෙක්ට බැන්නා කියලා තව මිසී කෙනෙක්ට බැනපු විදිය මතක් වෙලා....

" හරි.... හරි..... කවද්ද දැන් ඕක කියන්න ඉන්නේ?..... එතකොට ගර්ල් මොනාද කරන්නේ? .....එතකොට එයා ධීර්ට වඩා ගොඩක් බාලද?..... එයා ධීර් හිතුව ටයිප් එකේමද...?"

" අහ්.... සර් නම් ප්‍රශ්න පත්තරයක්නේ....."

" හරි..... හරි...... ඔයාලගේ බොස් විදියට මම මේවා දැන ගන්න එපැයි....."

"ඇත්තට........ මරු බොස්....."

" හරි හරි ඒවා වැඩක් නෑ...... කවද්ද කියන්න ඉන්නේ??"

" ඉක්මනින්ම කියනවා....."

" ඉක්මනටම කියන්න ධීර් මොකද ඉක්මන් උනේ නැත්නම් අපිට හොඳම දේවල් මග ඇරෙන්න පුලුවන්....."

මතක පුස්තකාලේ Where stories live. Discover now