"බ්වෑක්... බ්වෑක්..."
ඉනේෂ් බලන් ඉන්න බැරිම තැන වොෂ් රූම් එක ඇරගෙන ඇතුලට ගියේ දිගින් දිගටම ඇහෙන වමනේ දාන සද්දේ නිසා... මොකද ඉනේෂ් දන්නවා ඒක ඇතුලේ ඉන්නේ කවුරු උනත් ඒ කෙනා මේ ඔෆිස් දෙකෙන් එකක එක්කෙනෙක් වෙන්නම ඕනි කියලා.... මොකද අද හොටෙල් එකේ මේ ඒරියා එක බුක් කරලා තිබ්බේ ඉනේෂ්ලා....
"පවන්??"
ඉනේෂ් කාවවත් බලාපොරොත්තු උනේ නැතත් එතන පවන් ඉඳී කියලා නම් ඉනේෂ් කීයටවත් හිතුවේ නෑ...
"පවන් තමුසේ බිව්වද ආ??.."
"සූ...ට්ටම සූ...ටක්..."
" මට පේනවා බිලා තියෙන චුට්ටේ තරම.. කොහෙන්ද මේවා පුරුදු උනේ පවන් ආ?? රට ඉද්දී මේවද පුරුදු උනේ??"
ඉනේෂ් ඇහුවේ පවන්ගේ පිට අත ගාන අතරේ..
"අෆෝ...ඤැහ් තව ගොඩා....රියක් ඒවා පුරුදු උනා... පෙන්නන්නද?? හික්ස්..."
"මොකක්ද පවන් මේවගේ තේරුම බොන්න ඕනි නම් ටිකක් බොන්න එපැයි... ස්කෝලේ යන කාලේ ඉඳලා තමුසෙට කොකාකෝලා එකක්වත් බී ගන්න බෑ බඩ දනවා නේද?? දැන් කොහොමද මේ දහජරාව බොන්නේ??"
"හැකියාව තමයි ඉතිම්... හික්... ඔයාට ඒවත් මටකයි නේඩ??"
"ඒවා අමතක වෙන්න මං මැරිලා ඉපදුන්නෑනේ... කෝ සුලෝචන??"
"සුලෝ.... බිම...ඩොක්........"
සුලෝචනව හොයාගෙන ගිය ඉනේෂ්ට දකින්න හම්බෙන්නේ බිම වැටිලා කියෝ කියෝ ඉන්න සුලෝචනව... සුලෝචනට කොහොමත් පවන් තියා තමන්වත් බලාගන්න බැරි නිසා.. ඉනේෂ් ධීර්ට සුලෝචනව එක්කන් යන්න කියලා පවන්ව එයාගේ කාමරේට ගෙනාවා..
ඉනේෂ් දන්නවා පවන් හොඳ සිහිය ආපුවම මේවට ශාප කරයි කියලා..... ඒත් ඉනේෂ්ට වෙන විකල්පයක් තිබ්බේ නෑ... ඉනේෂ් උනත් ඩ්රින්ක්ස් ටිකක් අරගෙන හිටියේ...... ඒත් ඉනේෂ් කවදාවත් වැටෙන්න බොන මනුස්සයෙක් නෙමේ......... ඉනේෂ් දන්නවා ඕනිම දෙයක් ලිමිට් එකක් ඇතුව කරන්න.......
"පවන් ඇයි මෙහෙම කරන්නේ..? ඇයි ඔයා දරා ගන්න බැරි තරමට බොන්නේ..??"
"මොකද මට දරා ගන්න බැරි නිෂා... මොකද...මෙතන මේන්න මෙතන ගොඩක් රිදෙන නිසා..."

YOU ARE READING
මතක පුස්තකාලේ
Romanceමතක පුස්තකාලේ සැරිසරන්න ආවෙ... මතක පුස්තකාලේ කියවන්න ආවෙ... ඔබට ගීතයක් ලියන්න හේතු කරුණු රැස් කරන්න ඔබ මා ළඟින් ඉඳීද නැද්ද දන්නෙ නෑ කියන්න. මගේ මතක පුස්තකාලයේ ඔබ සොයන්න ආවෙ...