"හෙලෝ.. අයියේ මන් රෙබෙකලාගේ ගෙදර යනවා දවස් දෙකකට.. එයා ටිකක් අව්ලෙන් ඉන්න නිසා තනියෙන් ඉන්නවට මන් කැමති නැ.."ආශී මට කෝල් කරලා කිව්වම මන් එයා කිව්වේ හරි පරිස්සමින් ඉන්න කියලා විතරයි.. මොකද මගේ හිත පුරාම හිටියේ රයන් වගේම එයාගේ අතීත කතාව ගැන තිබුන ආශාව විතරයි..
ආශීත් නැති එකේ මන් ලෑස්ති උනේ ගෙදරට නොයාම රොමිව හම්බෙන්න යන්න.. එහෙමම හොස්පිටල් එකට ගියපු මන් email එකත් check කරා එයාගේ ගම කොහේද කියලා දැනගත්ත..
"Assistant.. මට දවස් දෙකක් යනකන් හොස්පිටල් එන්න වෙන්නේ නැ.. මන් වෙනකොට ඩොක්ටර් තවිදු එයි..."
කවුරුත් කිසි දෙයක් අහන්න කලින් මන් හොස්පිටල් එකෙන් පිටත් වෙලා රයන් ගැන දැනගන්න email එකෙ තිබුන විදිහට එයාගේ ගමට යන්න පිටත් උනා..
.
.
.
.
.
.පැය 10ක විතර ගමනකින් පස්සේ මන් ඇතුළු උනේ පොඩි ගමකට එ ගමේ වැඩිය ගෙවල් නැ පොඩි පොඩි ගෙවල් තමයි තිබුනේ.. එ ගමේ ගෙවල් ගල් වලින් හදල තිබුන.. ලස්සන පරිසරයක් එක්ක ගම බැදිලා තිබුන.. එත් වාහනේකට යන්න පුළුවන් තරම් පාරක් ගමේ තිබුනේ නැති හින්ද මන් කාර් එකෙන් බැහැලා පයින්ම ගම ඇතුලට ආවේ.. මට රොමිව හම්බවෙයි කියලා තිබුන ලොකුම ලොකු බලාපොරොත්තුවත් එක්ක..
මන් ගම ඇතුලට ඇවිදගෙන යනකොට පොඩි කොල්ලෙක් මගේ ඇගේ වැදිලා වැටුන.. මන් එයාව නැගිට්ටවන්න බිමට නැමෙනවත් එක්කම එ පොඩි කොල්ලා කිව්වේ,
"සර්.. රොමි අයිය ඔයා එහෙනම් අර කඩේ ඇතුලේ බලන් ඉන්නවා.."එ කොල්ලා අත දික් කරේ ගමේ තිබුන කෑම කඩයක් දිහාවකට..මට එහෙම කියපු කොල්ලා ආයේ පාරක් එ කඩේ පැත්තටම දුවගෙන යද්දී මාත් එ පස්සෙන් ගියා..
එතකොට රොමි දන්නවද මන් එනවා කියලා.. එත් කොහොමද රයන් කියන්න විදිහකුත් නැ.. මොකද jail එකෙදි රයන්ට කෝල් ගන්න ඉඩ දෙන්නේ නැ කියලා මට officer චාමර කිව්ව මට හොදටම මතකයි.. මෙ උගුලක් වෙන්න බැරිද.. මන් ආයෙම ගියා නම් හොදයි වගේ සිතුවිලි ගොඩක් මගේ හිතට ගාලාගෙන අවත්.. රයන් වෙනුවෙන් මගේ හිතේ ඉබේම ඇති වෙලා තිබුන කැමැත්ත මාව රොමිව හම්බෙන්න යන්න තරම් ශක්තිමත් කරා..
YOU ARE READING
psycho 🔞🤍sinhala bl /Completed
Fanfictionආදරෙට පුළුවන් මනුස්සයෙක්ගෙ ජිවිතේ අනිත් පැත්තට හරවන්න.. දාමමිනිමරුවෙක්ගෙ ආදරෙ නිසා වෙනස් උන psychologist ගෙ කතාව... ❤️✨🔞