chapter 02

2K 123 3
                                    

මන් හොස්පිටල් එකට එනකොට පොලිසියේ කීපදෙනෙක්ම මාව එක්කගෙන යන්න ඇවිත් තිබුන...

"ගුඩ් මෝනින් ඩොක්ටර් ආකාශ්..."

"ගුඩ් මෝනින් මිස්ටර් චාමර.."

"ඩොක්ටර් අපි jail එකට පිටත් වෙමු නේද.. එහෙනම්"

"හරි යමු මිස්ටර්.. මට‍ මෙ කෙනා ගැන විස්තර තියන file එක කියවලා බැලුව...හරිම පුදුමයි මෙ වගේ වෙනස්ම විදිහටකට‍ මිනිමරන එක එකත් මෙච්චර කල් හොරෙන්ම..

"ඔව් ඩොක්ටර් මටත් මේක ලොකු ප්‍රශ්නයක්.. මනුස්සයෙක්ට ඔය වගේ කෘර විදිහකට මනුස්සයෙක් මරන්න පුළුවන් වෙන්නේ කොහොමද.. මට‍ නම් එක impossible..

කතාවෙන් කතාව අපි jail එකට ආවා..මන් මුලින්ම කරේ නිදහසේ මට‍ එ කෙනා එක්ක කතා කරන්න දෙන්න කියලා හැම කෙනෙක්වම රූම් එකෙන් එලියට යවපු එක.. විනාඩි දෙක තුනකින් වගේ මගේ ඉස්සරහ තිබුන පිටුවක ඔහු වාඩි උනා..officersl ඔක්කොම රූම් එකේ එළියේ ඉදන් අපි දිහා බලාගෙන හිටිය..

ඔහු කිසිම හැගීමක් නැතිව මගේ මුන දිහා එක කෙලින් බලන්න හිටිය.. මිනිමරුවෙක් උනත් ඔහු කඩවසම්,සුදුයි, එ ඇස් වල වේදනාවෙන් තරහෙන් පිරිලයි තිබුනේ..

මට‍ මේක පුරුදු දෙයක් නෙවෙයි.. මෙ වගේ මිනිමරුම කරන ගොඩක් අය මගේ patientsl මන් කවදාවත් එ අය ඉස්සරහ කලබලයක් බයක් පෙන්නුවේ නැති උනත්.. මෙ කෙනා ඉස්සරහ මගේ හදවත වේගෙන් ගැහෙන්න ගත්ත.. වෙනදා තිබුන ඉවසීම නැති වෙලා නොසන්සුන් කමක් මට දැනුනත් මන් එක යටපත් කරගෙන මුලින්ම මන් ප්‍රශ්න කරන්න පටන්ගත්තා..

"රයන්.. මන් තමයි අද ඉදලා ඔයාගේ ඩොක්ටර් මන් ආකාශ්.."වෙනද වගේම මන් මාව හදුන්වල දුන්නා..

ඔහු කට‍ කොනින් හිනා වෙලා මන් දිහා බැලුව.."මගේ දොස්තරද ඔයා.."එයා අයෙත් හිනා වෙන්න ගත්ත..

"මේක හිනා වෙන්න වෙලාවක්‌ නෙවෙයි රයන්..මන් අහන ප්‍රශ්න වලට හරියට උත්තර මට‍ ඕනෙ.."

රයන් මුකුත් නොකිය හිනා වේවි එයගේ ඔලුව වැනුවා.. මට‍ රයන් වෙන patientsl වගේ නෙවෙයි.. රයන්ගේ අමුතු ලස්සනක්‌ නැද්ද.. මෙ වගේ ලස්සන කොල්ලෙක් කෘර මිනිමරුවෙක් වෙන්න හේතුව මට‍ දැනගන්න ඕනෙ උනා..

psycho 🔞🤍sinhala bl /Completed Where stories live. Discover now