01 ❤

152 12 1
                                    

"යුමියා...."

හවස හයට විතර දොර ගලවගෙන එන සයිස් එකට එලියෙන් අදෝනාව...යුමී හිටියේ ලෙක්චර්ස් ඉවර වෙලා ටිකක් රෙස්ට් එකේ සාලේ සෝෆා එක උඩ... ඒත් මේ කෑගැහිල්ල හින්දා ඒකි උඩ ගිහින් බිම වැටුනෙ නැති ටික විතරයි ....
අතේ තියාගෙන හිටපු ෆෝන් එකත් පැත්තකින් තියලා යුමී සෝෆා එකෙන් බිමට බැස්සා..

" කවුද ??"

දොර ගාවට දුවන ගමන් යුමි එලියෙ අයට ඇහෙන්න ඇහුවත් ඒකට උත්තරේ ලැබුනෙ නැ..ගෙදර කවුරුත් නැති වෙලාවට කවදාවත් යුමී දොර ඇරියෙ නෑ .ඒත් දැන් මේ කෑගහන්නෙ ගෑනු කෙනෙක් නිසා බය වුනේ නෑ එයා..

දොර ඇරපු ගමන් යුමීට දකින්න හම්බුනේ එයාගෙ බෙස්ටියා..
සේරා !!

" සේරා???" යුමී ඇස් දෙක ලොකු කරගෙන බලාගෙන හිටියේ මේ වෙලාවේ කවදාවත් සේරා එලියට යන කෙනෙක් නෙමේ නිසා..

" ඇතුලට එන්න දීපන්..මම ආවේ අද උබෙ ගෙදර කවුරුත් නැ කියලා දන්න නිසා.."

සේරා යුමීවත් පෙරලගෙන ඇතුළට ආවා. ආවේ සේරානෙ..යුමී මොකටද බය වෙන්නෙ..එයත් දොර වහලා ගේ ඇතුළට ආවා..

" ඇයි මේ හදිස්සියේ?? මට දැන් ලෙක්චර්ස් ඉවර වුනේ.."

යුමී ආපහු සෝෆා එකට නගින ගමන් ඇහුවා ..සේරා දැනටමත් ෆ්‍රිජ් එක ඇතුලේ බලනවා කන්න මොනා හරි තියෙනවාද කියලා..

" හදිස්සියක් නෙමේ..ඇයි මට එන්න බෑද??"

අන්තිමේදී හොයලා හොයලා චොකලට් බාගයක් අරගෙන ෆ්‍රිජ් එකත් වහලා සේරා සෝෆා එක ගාවට ආවා...

" එන්න බෑ කිව්වෙ නෑ හු#&#@... "

යුමී කවදාවත් එයාගෙ යාලුවන්ට කුනුහරුප කියන්න පැකිලෙන කෙනෙක් නෙමේ .කොහොමත් සේරා යුමි කියන දෙන්නා නම් කියාගන්නෙම කුනුහරුප ... ඉස්කොලේ යන කාලෙත් එහෙමයි...සේරා ගාල්ලෙ ඉදලා ඕලෙවල් වලින් කොළඹ ආපු ළමයෙක්.. එයා ආවේ යුමීගෙ ඉස්කොලේට..යුමී මුලදි මෙයාට අකමැති වුනත් පස්සෙ පස්සෙ මෙයාගෙ යාලුවෙක් වුනා..ඒ යාලුකම තාමත් එහෙම්මමයි..

" ඒක නෙමෙ බල්ලො... ඉශී කෝල් කලෙ නෑ?"

සේරා කොච්චර කොළඹ හිටියත් කතා කරනකොට ගාල්ලෙ ටයිප් එකට එනවා මයි..ඒකෙන් වුනේ යුමිත් ඒකි එක්ක කතා කරද්දි දකුණේ භාශාව පාවිච්චි කරපු එක..

බලනහරය (GL)Where stories live. Discover now