තෑන්ක්ස් කළේ ඇයි???
ඉශී ට තිබ්බ ලොකුම ප්‍රශ්නය ඒක..
මෙච්චර දෙයක් කළේ යුමීගෙ උවමනාවකටද??" ඉශියෝ...යමන් ෆිල්ම් එක බලන්න..."
සේරාත් ඇග පිහදගෙන බාතෲම් එකෙන් එළියට ආවා..
" යන් ...."
" මොකො නිකන් අවුලෙන් වගෙ?"
" නෑ නිකන්..යුමී යන්න කලින් තෑන්ක්ස් කළා..මම මේ කල්පනා කළේ ඒ මොකටද කියලා.."
ඉශී කිව්ව එක අහලා සේරාට කිණ්ඩියට හිනාවක් ගියා..කොහොමත් හැමදේකටම වගේ සේරා කලේ කිණ්ඩියට හිනා වුණු එක..
" ඔයා හිතන්න එපා බබා..එයා එහෙම තමා..එයාට අපි ගැන ගාණක් නෑ ...එයා අපිට ලව් කරන්නෙ නෑ..මෙච්චර කල් හිටපු මටවත් ලව් නැතුව ඔයාට ලව් කරයිද??"
සේරා ඒක කිව්වෙ හිත රිද්දන්නද??ඇත්තටම ද කිව්වෙ කියලා ඉශී කල්පනා කළා..
මොනා වුනත් ඒකත් ඇත්ත...ආදරයක් කොහොම ඇතිවෙන්නද??
එක පාරක් මේවගේ එකක් වුනු පලියට." හ්ම්ම්ම්"
ඉශී ලොකු හුස්මක් හෙළලා කාමරෙන් එලියට ආවා..
ඒ වෙනකොටත් කිසි දෙයක් නොවුනු ගාණට යුමී ෆිල්ම් එක බලනවා..
ඉශියි සේරායි දෙන්නම ආයෙත් හිටපු තැන් වලින් ම වාඩි වුණා.." හම්මෙ තොපි"
ටානියා කට ඇරියෙ හෙන අලි කුනුහරුපයක් කියන්න..
ඒත් යුමී එක පාරටම ටානියා දිහා බලපු විදිහට ඒකි වචන ඔක්කොම එක පාරම ගිල ගත්තා.." දැන් වත් බලපන් යකුනේ කතාව.."
ඩාලියා අත දිග ඇරලා පිට හරහා එකක් දුන්නෙ අහිංසක විදිහට කතාව එක දිගටම බල බල හිටපු මේරි කෙල්ලට..
" මොකද හු*@& මට ගහන්නෙ?"
" අඩෝ මේ උඹද? සොරි බොක්ක"
තව ටිකෙන් එතන කෙස් වලු ඇදගෙන වලියක් යනවා..
ආයෙ ඉතින් මොනවාද??පැය තුනක් වගේ යනකොට මුළු ෆිල්ම් එකම ඉවර වුණා..
මෙච්චර වෙලා බිම පත බෑවිලා හිටපු හෙනා ගේ පස්ස උඩින් ටානියා කකුල තියලා රවුමට ගාණට කැරකෙව්වේ ඒකිව ඇහැරවන්න..
YOU ARE READING
බලනහරය (GL)
Contoආදරය කියන්නෙ මොකක්ද ?? ඒක පිවිතුරු හැඟීමක්ද? එහෙම නැත්තම් සෙල්ලමක්ද? ඒමත් නැත්තම් වෛරයද? ඔය එකක්වත් නෙමේ නම් පරිත්‍යාගය ද? ✨✨✨✨✨✨✨✨✨✨✨✨✨✨✨✨ Do Not Copy 🚫🚫🚫 Extremely 🔞 සියලුම චරිත මනහ්කල්පිත වේ. Horror Side Included