විහස් අනුත්තර.
කතාවේ ප්‍රධාන චරිතයක් වුන විහස් දඩබ්බර හිතුවක්කාර චරිතයක්. තනියම ඉන්න කැමති වගේම වැඩිය කතා කරන්නත් ඔහු අකැමැතියි. බැලු බැල්මට නපුරු පාටට පේනවා වගේම ඔහු ඇත්ත ජීවිතෙත් සෑහෙන නපුරු කෙනෙක්.
කලාත්මකව දේවල් වලට වැඩි නැඹුරුවක් දක්වන ඔහු චිත්‍ර ඇදීමට වැඩි කැමැත්තක් දක්වනවා. සල්ලිකාරයෙක්ගේ එකම පුතා ඔහු වීමත් ඔහුගේ හිතුවක්කාරකම් වැඩි වීමට හේතුවක්.කුඩා කලදී තම මව පියා සමග දික්කාසාද වෙනවා. මව වෙනත් රටක පදිංචියට යන නිසා මවගේ මව නැත්තම් ආච්චි තමයි විහස්ව පොඩි කාලේ ඉදන්ම බලා ගන්නේ. ඔහුගේ පියාත් ඔහුට ඉතා ආදරෙන් උස් මහත් කලා. නමුත් පියාගේ හදිසි අභාවයෙන් විහස් බොහෝ කම්පාවට පත් වෙනවා.. පසුව ඔහු ආච්චි සමග ජීවිත් වුනත් අවුරුදු 4කට පෙර ආච්චිත් ඔහුට අහිමි වෙනවා . තනිකම තනියම විදින්න ඔහු පටන් ගන්නේ එතැන් සිටයි. පියාගේ ව්‍යාපාරයද දැන් ඔහුයි කරගෙන යන්නේ.... මොහු ඉගෙනුම ලබන්නේ ප්‍රධාන පෙලේ පෞද්ගලික විශ්ව විද්‍යාලයකයි....තේජාන් රොද්‍රිගු.
සල්ලිකාර පවුලේ එකම පුතා වගේම විහස්ගේ හොදම යාළුවෙක් තමයි තේජාන්. විහස්ටම ගැලපෙන අදහස් වගේම විහස්ට නොදැවෙනි ආඩම්බරකාරයෙක් තමයි තේජාන් කියන්නේ. වැඩිය කතාබහක් නැති ඔහු විශ්ව විද්‍යාලයේ සියළුම වලි වල මූලික ස්ථානයක් අරන් තිබුනා. හදිසි කේන්තිකාරයෙක් නිසා ඔහුට විශ්ව විද්‍යාලයේ අය ටිකක් බයයි.. ඒක නිසාම ඔහු විශ්ව විද්‍යාලයේ කැපී පෙනෙන හිතුවක්කාරයෙක් වුනා..