(අ)සම්මත 05 වන කොටස.

503 36 15
                                    

බඩු ටික ලෑස්ති..ඉන්දර් තමුන්ගේ බඩු කෝ ....

" බඩු ටික නම් ලෑස්තියි සර්.. "   

ආර්යන් කෝ තේජාන්..

" මම උදේ ඉදන්ම දැක්කේ නෑ බං. "

ශාක්‍ය උබ දැක්කද..  

"' මන් දන්නේ නෑ .."'

කොහේ ගිහින්ද..
සදෙව් තමුන් දැක්කද..

' නෑ ..නෑ ..අයියේ.. උදේ නම් අපේ නංගි එක්ක වත්ත පහල ඉන්නවා දැක්කා ඊට පස්සේ නම් දැක්කේ නෑ ..' 

"' මො..මොකක්.. ඔයාලලේ නංගි එක්ක.."'

' ඔව් ශාක්‍ය අයියේ ඇයි.. '

"' උ..උ..මො..මොනවද.. අ.ආ..අර එන්නේ.."'

"' තමුසේ කොහෙද හිටියේ..මොන මගුලක්ද කලේ...අහ්..තේජාන්.."'

"මොකෝ ශාක්‍ය 😂.. ම..ම..මේ පහලට වෙලා හිටියා ටිකක්..අද යන නිසා..මම මෙහේ photo වගයක් ගත්තා.."

උබ photo විතරද ගැහුවේ අහ්... 😂..

" අනේ පලයන් විහස්..😂..."

*විහස්ගේ කතාවට අනිත් අය හිනා වුනත් ශාක්‍ය හිටියේ කියාගන්න බැරි තරම් තරහින්.. *

හ..හරි හරි අපි දැන් යන්..
සදෙව් කෝ අම්මයි නංගියි..

' ඉන්න අයියේ මම එයාලට කතා කරන්නම්..'

හරි....

...

" පුතාලා යන්නද...අනේ තව ටික දවසකුත් ඔන්න ඔහේ ආපු එකේ ඉන්නකෝ ... "

ආයේ දවසක එන්නම්කෝ ආන්ටි ..හදිස්සියේ ආපු නිසා office එකේ වැඩත් ගොඩ ගැහිලා ඇති...
ඉතින් අපි යන්නම් ..ගොඩක් ස්තූතියි අපිව මේ දවස් ටිකේ මෙහේ තියාගෙන බලාගත්තට..

" ඕක මොකද්ද ඔය දරුවත් මට මගේ දරුවෙක් වගේ.."

*සදෙව්ගේ අම්මා විහස්ගේ ඔළුව අත ගාලා කිව්ව ඒ කතාවට විහස්ගේ ඇස් ලොකු වුනා..කවදාවත් අම්මෙක්ගේ සෙනෙ⁣හස හරියට නොලැබුන දරුවෙක් ඒ වගේ සෙනෙහසක් දැනීම විහස්ව වෙනමම ලෝකෙක සංවේදි කලා..*

" අපි ගිහින් එන්නම් ඇන්ටි.. "

" බුදුසරණයි පුතේ.. " 

" ඇත්තටම මට දැන් බයක් නෑ මගේ සදෙව් ගැන .. "

අ..ඇයි ඒ ආන්ටි..

(අ)සම්මතWhere stories live. Discover now