(අ)සම්මත 08 වන කොටස.

625 41 40
                                    


"ඇයි කිව්වේ නැත්තේ මට අහ්... කියනවා ඉතින්... "'

ශාක්‍යගේ නොහික්මුන කට හඩට වගේම ගැඹුරු හුස්මත්  දූනිගේ මූණට වැටුනා.. ඉවසීමේ අගම කෙලවරත් පැන්න තේජාන් පඩිපෙල බැහැගෙන ආවේ දූනි වැද වැ⁣ටි වැටි නවතින්න කියද්දිමයි...

"තේජාන්......තේ...තේ..ජාාා..න්...  උබ ... උබ කොහෙද බල්ලෝ....තේජාන්........"

*අඩියට දෙකට පඩිපෙල බැහෙගෙන ආව  ශාක්‍ය නතර වුනේ විහස්ගේ ගේ මැද සාලේ.. ඉන්දර් ..විහස් .ආර්යන්..වගේම සදෙව්ත් කෝපි උගුරක් තොල ගාමින් ඉද්දි ඒ නිස්කලක්ක බව එක මොහොතකින් නැත්තටම නැති කරලා ශාක්‍ය තේජාන්ගේ shirt කොලර් එකෙන් ඇදලා ගත්තා...

" උබට...උ...උ..බට කොහෙන් ආව හයියක්ද පරයෝ...ම..මගේ කෙල්ලව කිස් කරන්න... කියපන් හුත්$*.. පාහර බල්ලා..."

ශාක්‍යගේ ඒ වචන නිහඩ ගේ පුරා විහිදුනා.. හැමෝගෙම ඇස් රවුම් වුනා.. ආර්යන් විහස්ගේ අතේ එල්ලිලා "අනේ මොනවහරි කරපන් විහස්" කියද්දි.. ඉන්දර් වගේම සදෙව් වෙන්නේ මොනවද කියන්නවත් නොදැන හිටියා...

"Shirt එක අරඇරලා ..හුස්ම අරන් උබ..කියන දෙයක් කියපන් ශාක්‍ය.උබ කියන දෙයක් මට තේරෙන්නේ නෑ .."

"අනේ එපා ඕක නවත්තන්න ශාක්‍ය අයියේ" කියලා දූනි අතේ එල්ලෙද්දිම ශාක්‍යගේ දකුණු අතේ ඇගිලි පාර තේජාන්ගේ මූණට ඇවිත් ඉවරයි..

මො...මොන හුත්*ක්ද ශාක්‍ය උබට වෙලා තියෙන්නේ..
අහකට පලයන්..

විහස් ශාක්‍යත් තේජානුත් අතරට එද්දි ආර්යන් තේජාන්ගේ අතේ එල්ලුනා..
මොකද ශාක්‍යට තරහ ගියා වගේ නෙමෙයි තේජාන්ට තරහ ගියොත් ශාක්‍යව මෙතනම මරන වග ආර්යන් කැට තියලා කියන්න දැනන් හිටියා..

" මේ..මේ කොල්ලෝ...මොකෝ..හේ..මේ.. උබලා යාළුවොනේ ඇයි මේ...ශාක්‍ය මල්ලි මොකෝ මේ.. "

" උබ මේවා දන්නේ නැ ඉන්දර් උබ පැත්තකට වෙයන්.. මම...මම කතා කරන්නේ උබට අ...ආයේ.. දූනි ලගට ලං වුනොත් මම උබට මොනව කරයිද දන්නේ නෑ .."

සදෙව්ට තඩි කෙල ගුලියක් ගිලුනේ ඒ වෙලේ..

තේජාන්  තොල අගින් එන ලේ දබර ඇගිල්ලෙන් පිහිදන ගමන් හිනා වුනා..
ඇත්තටම මෙ⁣තන ඉන්න හැමෝම ඒ හිනාවට බය වුනා කිව්වොත් මම නිවැරදි..

(අ)සම්මතWhere stories live. Discover now