(අ)සම්මත 4 වන කොටස.

686 47 13
                                    

සදෙව් කතා කරනවා..

'අ..අයියේ.. ගෙදර යන්... '

මං අහපු දේට කියනවාා....

'අ..අ..යියේ.. ම..ම.. වැටු..නා...ඒ...ඒ..ක..යි..'

සදෙව් තමුසේ මම මොකෙක් කියලද හිතන් ඉන්නේ අහ්.. වැටිලා තුවාල වෙන විදිහයි ගහලා තුවාල වෙන විදිහයි මට අදුර ගන්න බෑ කියලද තමුසේ කියන්නේ අහ්...

' අ..අ..යියේ..ම...ම..වැටුනා..ද..දැන් ගෙදර යන්කෝ....අ..අනේ.... '

මං අහන අන්තිම පාර මාව යකෙක් කර ගන්නේ නැතුව කියනවා....

' ඒ ඇස් තරහෙන් පිපුරනවා..මට බයයි..එයා ඇයි මෙච්චර තරහ අරන් අත් මිටමොලවන් ඉලිප්පෙන නහර නලලත් රැලි කරන් ඇස් පුංචි වෙද්දි..එයාගේ හුස්ම පවා මගේ ඇගේ වැදුනේ හරි නොසන්සුන්ව..
ඇත්තටම මට බයයි මං ඇත්ත කිව්වොත් එයා මොනව කරයිද... '

සදෙව්..
කතා කරනවා..
අහ් දැන් තමුසේ එහෙමනේ .. මමම ගිහින් හොයා ගන්නම්...

' අ..නේ අයියේ.. යන්න එපා..හරි මම කියන්නම්... '

හරිඉතින් කියනවා...

' ග..ගරුක... එදාත් අද මට ගැහුවේ.... '

හරි..
මම එනකල් car එකට වෙලා ඉන්නවා..

' අනේ අයියේ යන්න එපා... '

' මං එයාගේ එක අතක් මගේ අත් දෙකෙන්ම අල්ල ගත්තා.. මොකද ඒ අත් එච්චර ශක්තිමත්..මං අත් දෙකෙන්ම අල්ලගත්තත් මං හිතන්නේ නෑ වැඩි වෙලාවක් මට එහෙම අල්ලන් ඉන්න පුළුවන් වෙයි කියලා.. '

මං ආයේ කියන්නේ නෑ සදෙව්..
මං මේ ඔයාට හොදින් කියන අන්තිම පාර... මාව අත ඇරලා car එකට ගිහින් ඉන්න.. දැන් යන්න..

' මොනව කිව්වත් යන්න දෙන්න බෑ ... එතන ගොඩක් උන් හිටියා.. තනියම ඔයා කොහොම උන් එක්ක රණ්ඩු කරන්නද..එපා අයියේ .. අනේ යන්කෝ..මට එච්චර තුවාලත් නෑ ... '

හරි එහෙනම් තමුසෙත් එනවා.. තමුසෙට ගහපු එකාට මම කරන දේ බලාගන්න..

' අ...අ..යි...යේ..ආ..ව්.... '

' මගේ අතින් ඇදගෙනම එයා ගියේ අර නපුරු ගරුක ඉන්න තැනට.. මට දැනුනේ කියා ගන්න බැරි තරම් බයක්..
Campus එකේ කවුරුත් වැඩිය යන්නේ නැති තැනක් තමයි ගරුකගේ තැන වුනේ.. විහස් මාව ඇදගෙන ගියෙත් එතනටමයි ...
මං දැක්කේ අපිව දැකලා බීබී හිටපු සිගරට් එක පොලොවේ ගහල හිනාවෙන ගරුක වගේම පොලු අතේ තියන් ඉන්න ගරුකගේ යාළුවෝ ටිකවයි... '

(අ)සම්මතWhere stories live. Discover now