සලා දිය බිදු පොලො තලයට ....
අහස සැනසෙයි බලා තුරු ලිය ....
වසා නෙත් යුග සිහින ලොව වෙත ....
ඇවිද යන්නට ඔබකොහිද අද ....උදේ පාන්දර ගෙදර එලිපත්කඩේ බැම්මක් උඩ තිබුන රෙඩියොවෙන් ඇහෙන සිංදුවත් එක්ක ඇහුරන මන් මේ ලැස්ති වෙන්නේ කුඹුරට යන්න .. මන් කුබුරට යන්නේ නම් කුබුරේ වැඩ වලට උදව් වෙන්නම නෙවෙයි .. වෙල අද්දර ගෙදර ඉන්න මගේ හිත ගත්තූ ඒ අහංකාර ඇස් දෙක බලන්න ...
අම්මේ මන් යනවා .. අප්පච්චිගේ උදේ කැම එක නේද මේ මේසේ උඩ තියෙන්නේ ...
ඔව් ඔව් .. උන්දෑගේ කැම එක නම් තමා .. උබත් කාලා පලයන් බත් ඩිංගිත්තක් ලොකු එකෝ ..
අනේ අම්මේ දැන් නම් කන්න බෑමයි.. මන් දවල්ටම ඇවිත් කන්නම්කො
අම්මාටත් සමුදීලා අප්පච්චිගේ බත් මුලත් අරන් මන් එලියට බැස්සේ කුඹුරට යන්න .. වටේම රුස්ස ගස් වගේ හැදුනු ගස් වල රෝස පාටට පිපුන රොබරෝසියා මල් උදේ පාන්දර ම හිතේ අමුතු හැගිමකුත් මගේ හිතට එකතු කරන්න සමත් උනා .. මම නිම්තරු. ගම ඇල්ල.. අවුරුදු විස්සක තාම කොල්ලෙක් මම.. මන් ඉතින් හෙමින් හෙමින් කුබුරට ගියා ..මන් යනකොටත් අප්පච්චි පොහොර ඉහිනවා ලපටි ගොයම් වලට .. අපිට ඉතින් ලොකු ලොකු කුබුරු නැ .. මේ පැත්ත කදුකර නිසා හෙල්මලු ක්‍රමයට හැදුව චුටි කුබුරු තමයි තියෙන්නේ .. සාමාන්‍ය දුප්පත් පවුලක් නිසා මේ කුබුරෙන් එන ගොයම් ටික අපිට ඊලග කන්නේ වෙනකල් කෝමහරි පිරිමහ ගන්න අපිට පුලුවන් ...
YOU ARE READING
ගැහෙන හදවත්
Mystery / Thriller"හදවතක් ගැහෙන්න හෙතුවක් තියෙන්න ඔනී" . . . "ඉතිං ඔයාගෙ හදවත ගැහෙන හෙතුව මම වෙන්න බැරිද ?" 💐