"දවස් ගණන් මන් තාම උඹව හොයනවා මගෙ රත්තරන් . උඹ කොහෙද ඉන්නෙ . උඹ මාත් එක්ක තරහද මගෙ පණ . මන් උඹව දාලා ගියෙ හිතකින් නෙවෙයි දෙයියනේ. ම...න් මට පුලුවන් හැම විදියකින්ම කොම හරි උබව හොයාගන්නවා. අනෙ මගෙ තරූ.. උඹ කොහෙද රත්තරන් ඉන්නෙ.. මට සමාවෙයන් උඹව දාලා ගියාට අනෙ වරෙන් මගෙ පණ මන් ගාවට. මන් උඹව ඇහැක් වගෙ බලාගන්නම් . "
කිනුල් මල්ලිව මට හම්බෙලා දැන් දවස් තුනක් ගිහින්. එදා ඉදන් මන් තාම මගෙ පණව හොයනවා . හිටියයි කියලා ආරංචි උන හැම තැනකටම ගියා . එයාගෙ හැඩරුව කිය කිය පාරක් පාරක් ගානෙ ඇවිද්දා.. උබව මන් හොයාගන්නවා කොහොම හරි
මන් මගෙ කල්පනා කොලෙන් එලියට ආවෙ දිනූගෙන් ආපු කෝල් එකත් එක්ක... අනෙ දෙවියනේ මගෙ කොල්ලා ගැන ආරංචියක්වත්ද
හෙලෝ මචං මගෙ කොල්ලා..?
කලබල වෙන්න එපා මචං ඉක්මනට #### හොස්පිටල් එකට වරෙන්
හ්....හොස්පිටල්ල්
කලබල නොවී වරෙන්
Phone එකත් සාක්කුවට දාගෙන මම ඉක්මනට ගියෙ දිනූ කියපු hospital එකට .මන් දන්නැ මෙච්චර වෙගෙකින් මම කොහොමද එතනට ගියෙ කියලා . මගෙ හිතේ තිබ්බෙ එකම දෙයයි . මන් ආදරෙ කරන මගෙ කොල්ලාව මට නැති වෙයි කියලා විතරයි .
"ද්..දිනූ!!"
මම දිනූට ක්තා කරා . උගෙ ඇස්වල සතුටක්ද දුකක්ද තියෙන්නෙ කියලා මට හිතාගන්න බෑ . හැබැයි ඌ හිටන් හිටියෙ ICU එක ඉස්සරහා නිසා දැන් මගෙ පපුව වෙගෙන් ගැහෙන්න අරන්. අනෙ දෙවියනේ මගෙ කොල්ලා..
"යොමාල්.. මචං කලබල වෙන්න එපා "
"දි...නූ මගෙ කො..ල් ..ල්ලා.."
" ඌ හොදින් බන් . මෙ දැන් room එකට දැම්මෙ . උබ එනකම් මම මෙතනට වෙලා හිටියෙ . "
" room number ? "
" 4 "
එතනින් පස්සෙ මට එතන ඉදලා වැඩක් උන්නැ. මන් ගියා.. ගියාට වඩා මට hospital room එකට දිව්වා . හදවත ගැහෙන වේගෙ මෙච්චර වැඩි වෙලා . හදවතටත් තේරිලා එයාගෙ අයිතිකාරයා ඉන්නවා කියලා . අපි දෙන්නව වෙන් වෙලා තියෙන දොර ඉස්සරහා මන් හිටගත්තා. එයා කාමරෙ ඇතුලෙ . මම කාමරෙන් එලියෙ. දොර ඇරගෙන ඇතුලට යනකොට මම දැක්කේ.. අනෙ මගෙ රත්තරන් ..
YOU ARE READING
ගැහෙන හදවත්
Mystery / Thriller"හදවතක් ගැහෙන්න හෙතුවක් තියෙන්න ඔනී" . . . "ඉතිං ඔයාගෙ හදවත ගැහෙන හෙතුව මම වෙන්න බැරිද ?" 💐