" ඉක්මනට ලැස්ති වෙයන්.. ආයෙ කියන්න තියන්නෙපා මට "
" හ්ම්ම්ම්"
" පොඩී ..දරුවෝ .. අයියා කෝ මයෙ රත්තරන් .. අනෙ කියපන්කො පුතේ..."
" දෙයියන්ගෙ නාමෙන් දැන් එක පාරක් කිව්වානෙ අම්මේ.. මන් දන්නැ දෙයියනේ මන් දන්නැ "
" එහෙම කියලා උබව මෙ මරු කටට යවන්න මට බෑ රත්තරන් "
" අයියා වෙනුවෙන් මට මරු කටට නෙවෙ අම්මා.. අපායට උනත් යන්න පුලුවන් .. "
" අනෙ මගෙ රත්තරන් .."
අයියා ගිහින් පැය 24ක් යන්න කලින්ම අර මන්ත්‍රි කාරයට එක ආරංචි උනා.. අරංචි නොවි තියෙවී යෑ.. මුලු ගමෙම ඉන්නෙ එකගෙ ගොලොයො උන එකෙ පුදුමයි යන්න කලින් ආරංචි නොවුන එක... අනෙ මගෙ ලොකූ මොන ලොකෙක ඉන්නවාද දන්නෙ නෑ ...
තනිවෙලා කියලා දැනෙන හැගීම කාටවත් දැනෙන්න හොද නෑ ... අයියා ගෙදරින් ගියා.. මට අයියගෙ බර කරට ගන්න උනා.... ජිවිතෙ හැමදෙම තප්පරයක් ඇති වෙනස් වෙන්න...
අද බදින්න හිටියෙ මගෙ අයිය උනත් දැන් එ තැන ඉන්නෙ මම.... අපායකට අඩිය තියන්න මන් හිත හදාගෙන ඉවරයි ... ඔව් එ මගෙ අයිය වෙනුවෙන්..." ලැස්තිද "
" හ්ම්ම් "
" පොඩි... මගෙ රත්තරනේ උබට විශ්වාසද මෙ ගැන"
" ඔව් අප්පච්චි... මන් අයියා වෙනුවෙන් ඔනි දෙයක් කරනවා "
මන් එහෙම කිවේ ඇස්වල කදුලු අප්පච්චිගෙන් හන්ගන ගමන්... මගෙ ඔලුව අතගාලා අප්පච්චි නැගිටලා යන්න ගියෙ මෙ වෙන දේ දරගාන්න බැරුව වෙන්නැ ඇති .
--------------------------------------------------------------හීනයක්ද මේ... මුද්දක් මගෙ ඇගිල්ලට වැටෙනවා... ලස්සනට සරසපු හොටෙල් එකක් ... 100ට අඩු අමුත්තෝ.... හ්ම්ම්ම්...... මෙක කසාදයක් නෙවෙ..... සම්පුර්ණ ලැජ්ජාව කෙන්තිය වහගන්න නටන නාඩගමක්....
YOU ARE READING
ගැහෙන හදවත්
Mystery / Thriller"හදවතක් ගැහෙන්න හෙතුවක් තියෙන්න ඔනී" . . . "ඉතිං ඔයාගෙ හදවත ගැහෙන හෙතුව මම වෙන්න බැරිද ?" 💐