" සුභ උදෑසනක් කුමරියනි "" ඕ සුභ උදෑසනක් මේරි අජුම්මා .. අද නම් හොඳ දවසක් වගේ "
මේයීව් හිනාවකින් වෙනදා වගේම මේරි අජුම්මා ගේ අතේ තිබ්බ බර මල්ලක් අතට අරන් එයාට උදව් කලා .." ම්ම් ඒකනේ .. දැන් නම් ටිකක් හොඳ කාලයක් ඇවිත් වගේ .. සමහරවිට අපේ පෙත්සම් හින්දා අධිරාජ්‍යයා අර සතාව මරලා වත් දාන්න ඇති "
මේරි එහෙම කියද්දි මේයීව්ගේ මූණේ තිබ්බ හිනාව සැනින් මැකිලා ගියා ..
" අ අනේ .. එහෙම දෙයක් .. පෙත්සම් ? ඒත් අජුම්මා ඇත්තටම ඔහු අද වෙනකන් කාටවත් හානියක් කරලා නෑ නේද ... අපි බය නොවී කලබල නොවී හිටියා නම් හානි නොවෙන්න තිබ්බා "
මේයීව් අහක බලාගන එහෙම කියද්දී මේරි පුදුම වෙලා හැරිලා බැලුවා ... මේයීව් කවදාවත් එහෙම දෙයක් කියන කෙනෙක් නෙවෙයිනේ .." ඔව් ඒකත් ඇත්ත .. "
මේරිට බැහැනේ කුමරියට ඉහලින් දෙයක් කියන්න .. ඉතින් මේරි ඒක පිලිගත්තා වගේ බිම බලාගත්තා .. මේ ගෙවුන දවසට මේයීව් තදින්ම විශ්වාස කරන්න අරගන ආඩ්න් කිසිම කෙනෙක්ව මරන්නට උත්සාහ නොකල බව ... ඒත් ඇයට බැරිවෙලා ඒක ඔප්පු කරලා පෙන්නන්න ...
." මොකක් ? මේයීව් කුමරියට ඇයි ඒක__ "
" පීටර් .. අනේ මට ඒක හොයලා දෙන්න බැරිද ? "
මේයීව් මූණ ඇඹුල් කරද්දී ඉනට අත තියාන පණ්ඩිතයා වගේ හිටිය පීටර් මේයීව් ගාවට ලං උනා .." හොයාගන්න නම් බැරි නැහැ ඒත් ඇයි මේ ? අනික අධිරාජ්‍යයා දැනගත්තොත්__ "
" පියාණන් ට කියන්න බැහැ .. අනේ පීටර් එයා අහින්සකයි .. ඔයා දැක්කනෙ එදා මට කරදරයක් වත් කලේ නෑනේ ඉතින් "
YOU ARE READING
𝐀𝐑𝐃𝐄𝐍 - The Mysterious Eagle 🦅 ( Completed )
Fanfictionඔහු .. එක් සාපයකින් පීඩා විඳින මිනිස් රාජාලියෙක් .. ඇය .. සියල්ලන් සුව කලහැකි අහින්සක කුමරියක් .. ............ මෙය .. එක් ෆැන්ටසියක් වූ පුරාවෘතයක් ! • Staring with Kim Taehyung • Girl x Boy • Historical Fantasy (45) Start - 2024.02.20...