.11.

47 11 37
                                    


එලීසගේ ගෙවල් තිබුනේ කන්ද පාමුලට කිට්ටු වෙන්න .. ඒ නිසාම මේයීව් ටේහ්‍යුන් පීටර් එක්කලා පුංචි එලීසව ඇරලවලා ආවා .. යන අන්තිම මොහොතේ ආයෙමත් මුණගැහෙන්න එන්න කියලා එලීසා ටේහ්‍යුන් ව පොරොන්දු කරවගත්ත එකයි හොඳම දේ උනේ ..

ටේහ්‍යුන් පුංචි අය එක්ක ඉද්දි හරි ආදරණීයයි වගේයි මේයීව් දැක්කේ .. ඔහු ගෙවුන දවස නිසා දැන් මිනිස් හැසිරීම් වලට මාරුවෙලා .. තමන් හැමෝම බය උන විසාල සතෙක් බවත් ටේහ්‍යුන් ට අමතකව ගිහින් වගේයි ..

ඔහු එලීසට වැලඳගැනීමකුත් දුන්නා .. ටේහ්‍යුන් එක්කලා කඳුමුදුනට යන්න ඕනැයි කියලා මේයීව් කියද්දී පීටර්ගෙන් බේරුමක් උනේ නෑ ඔවුන් එක්කලා ඔහුටත් යන්න ඕනැයි කියලා .. ඔන්න ඒ නිසාම ඔවුන් පීටර්වත් එක්කලාම කඳුමුදුනට ගියා ..

" පීටර් .. දැන් හවස් වෙලා .. ඔබ ආපහු යන්න .. ගෙදර අය ඔබව හොයාවි .. "

" ම්ම් හරි .. ඔබත් ප්‍රවේසමෙන් මාලිගාවට යන්න එහෙනම් .. ඔහුත් ඉන්නවානේ නේද "
පීටර් වැඩිහිටියෙක් වගේ ටේහ්‍යුන් දෙස හොරෙන් බලලා එහෙම කියද්දි මේයීව් හැරිලා ටේහ්‍යුන් දිහා බලලා හිනා උනා ..

" ඔව් ඔව් .. ඔහු ඉන්න තාක් මම ප්‍රවේසම් .. ඔබත් ප්‍රවේසමෙන් "
මේයීව් එහෙම කියද්දී පීටර් ඇදුනේ ටේහ්‍යුන් ගාවට .. මොනවා උනත් ගෙවුන දවසට ඔවුන් දෙදෙනා හොඳ යහලුවන් වෙලා ..

" ඇයව ප්‍රවේසමෙන් ගෙන යන්න හරිද අජුශ්ශී .. ආ අනික තමයි ඔබ ආයෙත් ආවාම එලීසලගේ ඔම්මා හදන පෑන්කේක් වල රස බලන්න එන්නත් අමතක කරන්න එපා "
පීටර් ටේහ්‍යුන් ගේ කළු ලෝගුවෙන් ඇදලා ඔහු එක්කලා හිනහා උනා ..

" අනිවාර්යයෙන් යාලුවා .. "
ටේහ්‍යුන් එහෙම කියමින් පීටර්ගේ මට්ටමට නැමුනා ..
" ස්තූතියි ඔබට .. හිතුවට වඩා ඔබ හොඳ ලමෙක් .. "
ටේහ්‍යුන් හිනා වෙලා පීටර්ගේ කොන්ඩය ඇවිස්සුවා ..

" එහෙනම් පීටර් ඔබ දැන් යන්න .. පරක්කු වෙලා නේ .. "

පීටර් මේයීව් එක්ක හිනා වෙලා යන්න හැරුනත් ඔහු ඉස්සරහින් නැමිලා හිටිය ටේහ්‍යුන් ඔහුගෙන් ඈත් වෙද්දි පීටර් හදිසියේම එහෙ මෙහෙ උන ලෝගු රෙද්දෙන් ඇතුලේ තිබුනු ඒ විසාල තටු දෙකේ අග්ගිස්සක් දැක්කේ අහම්බෙන් වගේ ...

𝐀𝐑𝐃𝐄𝐍 - The Mysterious Eagle 🦅 ( Completed )Where stories live. Discover now