.09.

56 11 24
                                    


මේයීව් හෙට දවස ගැන සතුටින් හිටියා .. ඇයගේ හිතේ බලාපොරොත්තු ගොන්නක් තිබුනා ඒ වෙනුවෙන් .. සතුට නොඉවසිල්ල වැඩිකමට මේයීව්ට හරියට නින්දක් වත් ලැබුනේ නෑ ..
මේයීව් ජනෙල් කවුලුව ඉස්සරහට වෙලා කල්පනා කලා .. ආඩ්න්ගේ උරහිසට හේත්තු වෙලා කතාබහ කරපු අවස්තා , තමන්ට වැටෙන්නට නොදී ඔහු මේයීව්ව ආරක්ෂා කරපු විදිය , ඔහු තමන්ව ලං කරගත්තම ඒ දැනුන උණුසුම් හුස්ම පවා මේයීව්ට මතකයට ආවා ..
පිටින් බලන ඕනිම කෙනෙක් තේරුම් ගනීවි ඇයගේ තොල් වලත් , ඇස් වලත් රැන්දුන මේ හැඟීම මොකක්ද කියලා .. නොනිදාම කල්පනා කරන්නට තරම් ඇය ආඩ්න් හා බැඳුන හේතුව මොකක්ද කියලා ..

ඔව් .. මේයීව් ආදරයක පැටලිලා .. ගෙවුන දින කීපයේම ආඩ්න් ගෙන් තමන්ගේ හිත ගලවගන්නට බැරි උන හේතුව දැනුයි මේයීව්ට දැනෙන්න ගත්තේ .. ඒක ආදරයක් .. සුදුසුද යැයි නොදන්නවා උනත් කුමරියක් විදියට ඇය සාපලත් මිනිස් රාජාලියෙක්ට ආදරෙන් බැඳිලා ඉවරයි ..

********

පුරුදු විදියටම ඇය උදෑසනින්ම නගරයට ගියේ තමන්ගේ හිතේ තියෙන දේ මෑණියන්ටත් කියලයි .. මූණට මුණගැහෙන හැම අයෙක්ටම මේයීව් සුභ උදෑසනක් ප්‍රාර්ථනා කලේ කට පුරා විහිදුනු සිනාවකින් ...

අද පීටර්ව වත් මුණගැහෙන්න නතර නොවීම මේයීව් දිව්වෙ කන්ද මුදුන පැත්තට .. නමුත් වරදකට තිබුනේ ඕනවටත් වඩා සතුටින් හිටිය ඇය , ඇයගේ පිටිපස්සෙන් හොරෙන්ම එන ඇනස්ටාසියා ගැන නොදැන උන්න එක .. ඇනස්ටාසියා සාමාන්‍ය නගරවැසියෙක් ලෙස වෙස්වලාගන මේයීව්ට අඩි කීපයක් දුරින් ඇයව ලුහුබඳිමින් හිටියා ..
ඇනස්ටාසියා ගොඩක් පුදුම උනා මේයීව් ට රටවැසියන්ගෙන් ලැබෙන සුබ පැතීම් දැකලා .. සමහර අවස්තාවල මේයීව්ට නොමිලේම රෝස් කරපු පාන් , නැවුම් මල් , පොඩි ජෑම් පුඩිමක් නගරයේ මිනිස්සු තෑගි කලා ..

මේයීව් අඩිය ඉක්මන් කරමින් තමන්ගේ බෑගයත් කරකව කරකව කන්ද මුදුනට යද්දී තොල් කොනේ හිනාවක් එක්කලා ඇනස්ටාසියා ඇයව පේන මානේ පඳුරකට මුවා උනා ..

" ම්හ් ඇයි තවම ප්‍රමාද ? "
මේයීව් ලස්සනට ඇඳන් ආව තමන්ගේ ගවුම ගසමින් කදු මුදුනේ එහෙ මෙහෙ ඇවිද්දේ තවමත් ආඩ්න් නොපැමිණීමට දොස් කියමින් ..

𝐀𝐑𝐃𝐄𝐍 - The Mysterious Eagle 🦅 ( Completed )Donde viven las historias. Descúbrelo ahora