ටේහ්‍යුන් යන්න ගිහින් දැනට මාස හතරකට කිට්ටු වෙලා ... මේයීව් සාපලත් සත්වයා එක්කලා හැඳුනුම්කම් තිබ්බ බව ඇයගෙ පියාණන් එදයින් පස්සෙ දැනගත්තා ... ඔහු ගොඩක් දුක් උනා මේයීව් ඒ වගේ වරදක් හොරෙන්ම කල එකට .. ඒ වගේම මේයීව්ගේ මෑණියන් ඇයට උදව් කල නිසා ඇයටත් අධිරාජ්‍යයා ගෙන් බැනුම් අහන්න උනා.. ඔහු මේයීව්ට නගරයට යෑම තහනම් කලා .. ඇය දැන් මාස හතරක විතර ඉදලා මාලිගාවේ ඉහලම මහලේ කාමරයක හිරවෙලා ටේහ්‍යුන් වෙනුවෙන් දිනපතාම ජනෙල් කවුලුවෙන් පිටත බලාන කල්පනාවේ ඉන්නවා ..ඒ වගේම මේ දින කීපයේම ඇනස්ටාසියා ගේ සමච්චලේට ලක් වෙලාම මේයීව්ට ඇතිවෙලා හිටියේ .. ඒ නිසාම ඇය මෑණියන් ඇරුනාම වෙන කිසිම අයෙක්ට කාමරයට එන්න අවසර නොදී ඉන්න තීරණය කලා ..
" මේයීව් .. "
" මෑණියනි එන්න .. "
මේයීව් කම්මුල් වලින් හැළුන කදුළු පිහදාගන ජනෙල් කවුලුවෙන් මෑත්වෙලා ඇඳෙන් ඉඳගත්තා .. ඇය දැන් ගොඩක් නිශ්ශබ්ද වෙලා .. අනික ගෙවුන දවස් ටිකේම ඇනස්ටාසියා මේයීව්ව බය කලා , ටේහ්‍යුන් තුවාල එක්කලා යන්න ගියත් කොහේට හරි වෙලා මියදෙන්න වත් ඇති කියලා .. ඒත් මේයීව් පොරොන්දු උනානේ ඔහු වෙනුවෙන් මාස පහක් මගබලන වගට .. ටේහ්‍යුන් ශක්තිමත් අයෙක් , ඔහුට කිසිම කරදරයක් වෙන එකක් නෑ.. මේයීව් ඒක තදින්ම විශ්වාස කලා ..මෑණියන් ඇතුල් උනත් මේයීව් ඔලුව උස්සලා බලන්න ගියේ නෑ .. ඇය බිම බලාගනම කල්පනාවේ හිටියා ..
" කුමරියනි .. "
නමුත් හුරුපුරුදු කාලෙකින් නෑසුන කටහඬක් එක්කලා මේයීව්ව තිගැස්සිලා ගියා .." පීටර් ! "
ඇය ඔහු දිහා බලන්නත් කලින්ම ඔහුව අඳුනගන ඉවරයි ..
" අනේ පීටර් .. "
මෑණියන් එක්ක කාමරයට ආව පීටර්ව මේ වගේ වෙලාවක දැක්ක එකට මේයීව්ට කදුළු එන්න තරම් සතුටක් ආවා .. ඇය අඬමින් පීටර් ගාවට දුවන් ගිහින් ඔහුගාවට නැමිලා ඔහුව වැලඳගත්තා ..
ESTÁS LEYENDO
𝐀𝐑𝐃𝐄𝐍 - The Mysterious Eagle 🦅 ( Completed )
Fanficඔහු .. එක් සාපයකින් පීඩා විඳින මිනිස් රාජාලියෙක් .. ඇය .. සියල්ලන් සුව කලහැකි අහින්සක කුමරියක් .. ............ මෙය .. එක් ෆැන්ටසියක් වූ පුරාවෘතයක් ! • Staring with Kim Taehyung • Girl x Boy • Historical Fantasy (45) Start - 2024.02.20...