chapter 20

630 88 97
                                    

ආදිත්‍යගේ මානයෙන්..

හෙන ගහන්ඩ වගේ තිවුන රස්නේ කාර්තුව අහවර වෙනවත් එක්කලම හෙන ගහ ගහාම වහින්ඩ ගත්තේ ජැකට් එකවත් නැතුව මං නුවර පාර දිගේ තෙමීගෙනම ගංගුගෙ අයි ටී ක්ලාස් එක දිහාවට බයික් එකෙන් යද්දි.

නුවර ලස්සන වැස්සට කිව්ව එකා අහු වුනොත් කනට දෙකක් ගහලා වැව රව්මේ පුටුවක ගැටගහලා තියපම්!

"අ..අයියා...."

ඉන්ස්ටිටුයුඩ් එක ලගින් මං බයික් එක නතර කරනවත් එක්කලාම සියොත් මයෙ ගාවට දුවන් ආවේ මං බයික් එකෙන් බහින්ඩත් කලියෙන්. ඒ අතරේ මයෙ ඇහැ නැවතුනේ එවෙලේම ඉන්ස්ටිටියුඩ් එක ලග ඉදන් පාරට දාපු සුදු පාට වෑන් එකක් ලග.

"සියොත්! මොකද මේ හති අරින්නෙ?"

විගහට බයික් එකෙන් බැහැගත්ත මං ඒකලාව තුරුලට ගද්දිත් ඒකා තාමත් ගොදුරු වෙන්ඩ ගිය මුව පැටියෙක් ගානට ගැහෙනවා.

"අ...අර... ම..මාව... අරන් යන්ඩ හ්හැදුවා.."

"හහ්? කව්ද? මොකක්ද? මොකක්ද උනේ සියොත්... ඔය ඇඩිල්ල නවත්තලා කියනවා මට?"

"අ..අහ්... අ...නේ... යන්..ඩ... යන්..ඩ..."

මං සැර කරපු ගමන ඒකා තවත් කලබල වෙලා මයෙන් අත් අතරින් අහක පැනලා අඩියෙන් අඩිය පස්සට උනේ මං අඩියෙන් අඩිය ඒකලා ලගට යද්දි.

"ගංගු... ශ්... කලබල වෙන්ඩ එපා දරුවෝ... කෝ වරෙන් මයෙ ලගට. උඹේ පුංචි හාමු ලගට වරෙන් ගංගු..."

සියොත් තවත් කලබල වෙන්ඩ කලියෙන්ම මං ඒකාව මයෙ ලගට ඇදලා ගත්තා තවත් සැර වැර නොකර. ඒත්... උඹව මේ තරම් බය වෙන්ඩ හේතුව මොකක්ද රත්තරනේ?

ඒත් එක්කලාම අපි උන්න දිහාවට කලබලෙන් වගේ දුවන් ආවේ බෙනියා.

"ආදි මේක බලපම්."

සියොත්ව තුරුල් කරන් ඉන්ඩ ගමන්ම බෙනියාගෙ දිහා කුතුහලයෙන් වගේ බලපු මට ඌ උගෙ පෝන් එක දිග් කලා.

ඒකේ තිබුනේ ඉන්ස්ටිටියුඩ් එක ලග CCTV දර්ශන රාමු වගයක්. ඒකත් මීට විනාඩි පහකට විතර කලින්.

"අර වෑන් එකේ ආපු උන් සියොත් මල්ලිව වාහනේට දාගන්න ෆුල් ට්‍රයි එක දෙනවා බම්. ඒත් ඔන්න බලපම් මෙන්න මෙන්න මූ... උඹ දන්න ඩයල් එකක්ද බලපම් ආදිත්‍ය. බලපම් නිකන් නින්ජා කෙනෙක් වගේ යකො වටේම උන්ට නෙලන්නෙ. කවුරු උනත් සුපිරි වැඩ්ඩෙක් ඈහ්."

ශ්වේත අග්නිWhere stories live. Discover now