CHAPTER 1

483 17 7
                                    

' කියපන් මට ආදරෙයි කියලා , කියපන් යකෝ '

' උබට මම ආදරේ කරේ නෑ මිනිහෝ . මට ඕන උනේ උබේ බලය විතරයි , උබ තමා මෝඩයෙක් වගේ මට ආදරේ කලේ . තෝ මැරිලා ගියත් කමක් නෑ ' සුදු රුවැති කඩවසම් , හුරුබුහුටි පිරිමියෙකු අනෙකා දෙස නොබලා සිටියේ ඔහුගේ නෙත් කදුලින් තෙමී තිබූ නිසා . තමන් දැඩි ලෙස ප්‍රේම කරපු අයෙකුට තමන් ඔහුට ආදරේ කල නැති බවද ඔහු සිටියත් නැතත් ඔබ හට වැඩක් නැති බව කීම වාගෙ වේදනාවක් තවත් නැත .

සමාවෙන්න මාගෙ කුමාරයානනි . මා හට නුබ බේරාගැනීමට වෙන විකල්පයක් නැත . මා නුබේ බලයට නෝවේ නුබ අභියස සිටියේ , මා සිටියේ නුබේ ප්‍රේමයටයි . නුබ අද නිදාගැනීමට ගියායින් පසු නුබේ රතු රෝස මල මිය යාවි , එහෙත් මා පසුතැවෙන්නෙ නැත . මාගෙ අන්තිම හුස්ම හෙලන මොහත දක්වා අඩු නොකර මා නුබට ප්‍රේම බැන්දෙමි .

ඉතින් මෙතැනින් නවතිමී....

( කුමරු නින්දට ගියායින් පසු )

' මාගෙ කුමාරයානනි . මේ මා නුබ දකින අන්තිම අවස්තාවයි . මා නැති කල නුබ දුක් නොවීමටයි මා මෙසේ නුබව රිදවූයේ . නුබ සතුටින් වෙන අයෙකු සමග ආදරයෙන් සිටින්න . එසේ ඉදිරියේදී නුබේ ප්‍රේමවන්තයාට මා කීමට එක දෙයක් තිබේ . මා ඔහුව රැකූ ලෙස ඔබත් ඔහුව රකින්න . '

කැහ් ... කැහ් .... කැහ්... දුක් බර හැගීමකින් ඔහු වැඩි දියුනු කෙරවූ බලය නැවත ඔහුගේ ප්‍රේමවන්තයාට පැවරුවේය  .

' සදහටම සුබ ගමන් කුමරුනී ' අන්තිම වතාවක් ඔහු කුමරාගෙ නලල සිප ගත්තේය . ඉන් පසු ඔහුගේ සේවිකාවකට ඔහු මිය ගියායින් පසු ,මල සිරුර ඈත කදු මුදුනක වල දැමීමට අන දුන්නේය . එසේ ඔහු අවසන් ගමන් ගියේය .

------------------------------------------------------------

' පුතේ නැගිටින්න , වෙලා ගිහිල්ලා තියෙන්නෙ '

.....

' පුතුනේ නැගිටින්න '

.....

' යකෝ නැගිටපන් මගෙන් ගුටි නොකා ' හරි අම්මා පටන් ගත්තා . ඔය කෑ ගැහුවෙ රතු කට්ට පැනලා ඒක නිසා දැන් නැගිට්ටෙ නැත්තන් අනිවාරෙන් පොල්කටු හැන්දෙන කන්න වෙනවා .

ප්‍රේමය වෙනුවෙන් කැප කළෙමි Where stories live. Discover now