CHAPTER 10

110 13 11
                                    

මොන හුයන්නක්ද දෙයියනේ මේ . මේ දවස් ටිකේම නයිට් ශිෆ්ට් දැන් ඒකටම සෙට් අර ප්‍රොජෙක්ට් එක . මට හොදටම මතකයි ඒ ෆයිල් එක මම සහස්‍යගෙ අතට දුන්නා .

ඒ ප්‍රොජෙක්ට් එක අපි මාසයක් තිස්සෙ කරපු එකක් ඉතින් එහෙව් එක කොහොමද යකුනේ තනි මම සතියෙන් කරන්නෙ මේ වැඩ අස්සෙ ...

මීට වඩා හොදයි හෙනයක් ගැහුවනන් .

මං මේ දවස් ටිකේ වැඩ කරපු විදිහට වෙන එකෙක් වැඩ කරානම් එක්කො මෙලහකට ඒ මනුස්සයා මලා . අනේ දැන් ඉතින් අක්කිට මොකද කියන්නෙ . කලිනුත් අක්කි කිය කිය හිටියෙ මේ වැඩෙන් පස්සෙ ආය ඔය වගේ එකක් සෙට් කරොත් සහස්‍ය මාව අස් කරගන්නවා කිව්වා , ඉතින් එහෙම උනොත් මට සහස්‍යව දකින්න බැරි වෙනවා .

මට ඔය මනුස්සයා මොනව කරත් මිගාරවමයි මතක් වෙන්නෙ ඉතින් කොහොමද දෙයියනේ ඒ වගෙ මනුස්ස පරානෙකට වෛර කරන්නෙ . මොන මගුල කරත් ඒ මිගාරනෙ කියන සිතුවිල්ල ඕනවටත් වඩා මගෙ හිත අවුස්සලා ඉවරයි .

( සහස්‍ය P.O.V )

අරූ මොනවා කරනවද මන්දා . අද නං නියම දවස . ඉදහන්කො තොට ජොබ් එකම එපා කරවන්න . උබව ලේසියෙන් අතාරින්නෙ නෑ මම . දැන් ඔය දුන්න වද නිකන් පොඩි අන්ශුවක් විතරයි මට දැනුන වේදනාවට සම කරොත් .

Phone vibrating

' මේ වෙලාවෙ මොකාද ' තරහෙන් මගෙ රින්ග් වෙන ෆෝන් එක දිහා බලනකොට කෝල් කරන්නෙ මගෙ ඩෑඩ් .

' සහස්‍ය ඔයා කොහෙද ' කිසි ලෙංගතුකමක් නැති හඩින් ඩෑඩ් මට කතා කලා

' ඔෆිස් එකේ ඉන්නෙ ඩෑඩ් '

' හම්ම් . ඔයා අද කලින් ගෙදර එන්න ඔයාගෙ මාම්ටයි මටයි ඔයාට කියන්න දෙයක් තියෙනවා '

' ඕකේ ඩෑඩ් . See you later , bye '

' k bye '

ඩෑඩ් සාමාන්‍යයෙන් කතා කරනවනම් කතා කරන්නෙ මොකක් හරි important දේකට විතරයි . අනිවාරෙන් මොකක් හරි වැදගත් දෙයක් වෙන්න ඇති .

( later in the afternoon )

ඩෑඩ් කලින් එන්න කිව්ව නිසා මම කලින්ම ඔෆිස් එකෙන් එලියට යන්න ලෑස්ති උනා . යන ගමන් මම බැලුවා යශේන් මොකද කරන්නෙ කියලා .

ප්‍රේමය වෙනුවෙන් කැප කළෙමි Where stories live. Discover now