( මාස හතරකට පසු )
එදා අන්තිමට ගත්ත කෝල් එකෙන් පස්සෙ සහස්ය ආය මට කතා කරේ නෑ, මැනේජර්ට සිද්දිය කිව්වට පස්සෙ මැනේජර් කිව්වා සහස්ය පර්මිශන් දුන්නා කියලා ඉතින් ඒක නිසා පොඩ්ඩක් සැනසිල්ලෙ හිටියා.
නංගිගෙ උදව්වෙන් කොහොම හරි මගෙ කකුල් හොද කරගන්න පුලුවන් උනා ඉතින් අද තමා මම ආපහු වැඩට යන දවස .
උදේම දඩු මොනර යානාව ස්ටාර්ට් කර්පු මම උපරිම වේගෙන් පිටත් උනා . අද මුලු දවසටම සතුටු වෙන්න තියෙන්නෙ මේක නිසා මේ හැගීම උපරිම වින්දා . කොහොමත් අර නයා බලාගෙන ඉන්නෙ පෙනේ පුප්පන්නනෙ .
' ගුඩ් මොර්නින් ' මගෙ ඩෙස්ක් එකට අල්ලපු වැටේ ඉන්න මගෙ ගජ මිතුරා කෞශිකට මම කතා කරා .
' අඩෝ ගුඩ් මෝර්නින් මචන් . කොහෙද බං හිටියෙ මෙච්චර කාලයක් , උබ ආගිය අතක් හොයාගන්න බැරි උනානෙ . '
' නෑ මචං මං ඇක්සිඩන්ට් උනා ඒකයි '
' ඈ , ඒ මොකද උනේ ... කෝල් එකක් වත් දෙන්න එපැයිනෙ . උබ කියනකන් මම දන්නෙත් නෑ '
' නෑ මචං වාහනේකට හැප්පුනා බං ඒ නිසා මගෙ එක කකුලක් කැඩුනා ඉතින් දැන් ටිකක් හොද නිසා මම ආවා '
' අඩෝ එහෙමද . තෝත් ඉතින් අපිට කිසි දෙයක් කියන්නෙ නෑනෙ . මං මේ බැලුවා මොකද මේ මූ ජීවිතේට නිවාඩුවක් ලේසියෙන් ගන්නෙ නැති එකා මොකද මාස ගානක්ම නැත්තෙ කියලා . හරි ඉතින් දැන් යමන්කො මට වෙච්ච සිද්දි සේරම අකුරක් නෑර කියපන් '
කෞශිට බොරු ටිකක් ගොතලා මම ඇත්ත වගෙ කියලා ඒකෙන් බේරිලා වැඩ පටන් ගත්තා . මට අහන්න ලැබුන දෙයින් මම නැති දවස් ටිකේ කම්පැනි එක බැහැලා තිබුනා . මං කලින් කිව්වා වගේ ගොඩාක් අයගෙ වැඩ කරන්නෙ මම වෙද්දි කොහොමත් මං නැති ටිකේ මේ වගේ දෙයක් බලාපොරොත්තු උනා කිව්වොත් හරි .
පේන විදිහටනම් මේ මුලු මාසෙම ඕවර්ටයිම් වැඩ කරන්න වෙයි වගේ .
වැඩ කරලා කරලා ටී ටයිම් එකෙත් වැඩ කරපු මං බලාගෙන හිටියෙ ලන්ච් ටයිම් එක එනකන් . අන්තිමට ලන්ච් ටයිම් එක ආවා .
' අපෝයි මගෙ කොන්ද ' මම හිරි ඇරියා
' වරෙන් බං ඉක්මනට . උබ ටී ටයිම් එකේදිවත් ආවෙ නෑ '