' බුදු අම්මෝ . මේක එපා වෙනවා අෆ්ෆා ' මං හිරි අරින ගමන් කෑ ගැහුවා .
කෑගැහුවා කියලා කිසි ප්රශ්නයක් නෑ මොකද මායි අක්කියි විහරයි කම්පැනි එකේ ඉතුරු .
දැන් සති තුනක් මම එක දිගට නයිට් ශිෆ්ට් පටන්ගෙන .
උදේ පාන්දරම මෙහෙට දුවනවා මුලු දවසම නැහිලා අන්තිමට කෑවද කියලවත් මතක නැති වෙන්නම නැහිලා තමා ගෙදර යන්නෙ ඒකත් පාන්දර දෙකට විතර තමා හැමදාම ගියේ . ගියා කියලත් ඉතින් නාලා කාලා ඉවර වෙලා පොඩ්ඩක් ඇලට් එකක් දාපුහාම පාන්දර තුන තුනහමාර විතර වෙනවා . පැය දෙක තුනක නින්දකට පස්සේ ඉතින් ඕකම ආපහු කරනවා .
මගෙ අක්කිත් ඉතින් මගෙ පස්සෙන්මයි . එයා නොහිටියානං මේ දවස් ටිකට මං මැරිලා .
ඔෆිස් එකේ ඉන්න උන්ට ඉතින් පවුල් බර අදින්න වෙලානෙ යැයි යැයි තමා . ඇයි යකෝ මං තාම බැදලා නැති උනාට , දරු පවුලක් නැති උනාට යකෝ මාත් මනුස්සයෙක්නෙ බං .
මුං ආඩපාලි කියලා හෙමීට කිබුල් කදුලකුත් හලලා උංගෙ වැඩේ ගානට කරගන්නවා . මාත් ඉතින් ගොනානෙ උං කියන හැම මගුලටම හිත උනු කරගෙන නටනවනේ .
' මල්ලි අද අපි ටිකක් කලින් යං '
' බෑ අක්කි තව ගොඩක් වෙලා තියෙනවා '
' ගොං බූරුවෝ තව තියෙන්නෙ පැය බාගයයි . වරෙං යන්න ආච්චිට රයිස් නොගහා ' අම්මටසිරි පත්තු උනා ගෑනි . අද නං ඕකි කිව්ව දේ ඇහුවෙ නැත්තං දත් නැතුව බත් කන්න වෙන්නෙ .
' අනේ අක්කි '
' අනේ පනේ නෙවෙයි . තොට ඔය පැය බාගයත් වටිනවා පොඩ්ඩක් නිදාගන්න . පන්ඩිත නෝවී වරෙන් . උබේ ඇස් යට කලු වෙලා ගන්න දෙයක් නෑ ඕයි ' අක්කි කිව්ව එක නම් හරි ඒත් අරූ දැනගත්තොත් මං ඉවරයි .
නෑ නෑ පැය බාගයයිනෙ කලින් යන්නෙ ඒක නිසා අවුලක් නැති වෙයි .
' හාකො හාකො '
' මේ අක්කියෝ ඔයා අර මොනවදෝ වෙලාවකට අර ඇස් යට ජෙලි ද මන්දා තියාගෙන ඉන්නෙ '
' ඔව් ඉතින් '
' ආං එකක් වත් දීපංකො ඕයි . මේ දරුවට අනුකම්පා කරලා මොනව හරි මගුකක් දෙන්නකෝ මේ ඇස් යට කලු වෙන එකට '
YOU ARE READING
ප්රේමය වෙනුවෙන් කැප කළෙමි
Non-Fictionතමන්ට ප්රේමය කල අහිංසක සිත් නොකඩන්න ... එසේ වුවහොත් ඔබට පසුකාලීනව පසුතැවෙන්නට වේවී ...