මට තේරුණා එයා මට මොනහරි කියනව වගේ....
" ශූට්........."
අහ්.......මොකක්ද මෙයා මේ කියන්නෙ.....මෙයා මට කියන්නෙ ශූට් කරන්න කියලද........
" ශූට් නෙතූෂ්......කමෝන්......."
ඊට පස්සෙ එයා මගෙන් ඈත්වෙලා මටත් පිස්ටල් එකක් දීලා එයත් බිම වැටුණ පිස්ටල් එක අතට ගත්තා......
" ඔයාට ප්රශ්නයක් වෙන්නෙ නැහැ.....බය නැතුව ශූට් කරන්න......"
එයා එහෙම කියලා එකෙක්ට වෙඩි තියද්දි අනිත් හැමෝම අපේ පැත්තට එනවා....එතන කට්ටිය වැඩියි......
" නෙතූෂ්......."
ජීවිතේට පිස්ටල් එකක් තියා සෙල්ලම් පිස්ටල් එකකින්වත් සෙල්ලම් කරපු නැති මන්......
💥💥💥💥
" වාහ්.......ගුඩ් ජොබ්......"
මාරුවෙන් මාරුවට අපි සේරටම වෙඩි තිබ්බා......
_______
හිතපුවත් නැති විදියට ඒ කොල්ලා මට උදවු කළා...එයාගෙත් උදවුවෙන් මන් ඒ හැමෝවම ඉවරයක් කළා....මට ඇහෙනවා මෙතනට පොලීසිය එනවා.......
මන් නෙතූෂ්වත් ඇදගෙන එතනින් දිවුවා....
මොකද එයා කීයටවත් මේ දේවල්වලට කොහෙත්ම පැටළෙන්න ඕන නැති නිසා......
______
පොලීසියෙන් එනව වගේ සද්දයක් ඇහුණා....දෙයියනේ....ම් මම......
බිම වැටිලා ඉන්න මිනිස්සු ටික දැක්කමයි මට මතක් උනේ.....මම නේද එයාලට වෙඩි තිබ්බෙ කියලා....
නෑ නෑ....ම් මන් කොහොමද දෙයියනේ මනුස්සයෙක්ව නැති කරන්නෙ......
මට ඇඬෙන්න වගේ....
ඕන දෙයක් වෙන්න කියල පොලිසියට බාරවෙන්න හැදුවත්........
වෙස්මූනුකාරයා මාව එතනින් ඇදගෙන ගියා.....
______
" ගෝඩ්......මොකක්ද මෙතන වෙලා තියෙන්නෙ..."
පොලීසියෙන් ඇවිත් හැමදේම චෙක් කරනවා.....මායි නෙතූෂ් දෙන්නම හැංගිලා ඒ දිහා බලාගෙන ඉන්නෙ...සොරි police....ඔයාලට ඔතනින් කොච්චර හෙවුවත් අපි ගැන හෝඩුවාවක් හම්බවෙන්නෙ නැහැ....මොකද.....අපේ fingerprint තියන පිස්ටල් දෙකම තියෙන්නෙ අපි ළඟ.......
YOU ARE READING
~අනුරාගික සිත්~ || TK Nonfiction || ✔️
Nonfiksi" දන්නවද අභී..! එයා හරියට වැස්සක් වගේ...!" " වැස්සක් !?...'' '' ඔව් වැස්සක්...එයාගෙ ආදරෙත් හරියට වැස්සක් වගේ...කාලයක් මාව ඒ වැස්සෙන් තෙම්මලා....එයා යන්නම ගියා..! මගෙ ජීවිතේ කාන්තාරයක් කරලම..!" " මට බැරිවෙයිද ඒ වැස්ස වහිනකම් බලාගෙන ඉන්න කාන්තාරයට වැට...